බැඳුම්කරය අධ්‍යයනයට එජාපයෙන් කමිටුවක්

  👤  3409 readers have read this article !
By mawbima 2018-01-18

බැඳුම්කර සිද්ධියට එජාපයේ කිසිවකුගේ හෝ සම්බන්ධයක් ඇත් දැයි සොයා බැලීම සඳහා එම සමස්ත වාර්තාව අධ්‍යයනය කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ඊයේ රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේ යැයි එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සිරිකොත මූලස්ථානයේදී ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
පිටු 1,200කට අධික බැඳුම්කර වාර්තාව කියවා අධ්‍යයනය කිරීමට අවස්ථාව නොලැබුණද එම වාර්තාව මඟින් එජාපයට ඍජුව චෝදනා එල්ල කර නොමැති බව දැනගන්නට ඇතැයි සඳහන් කළ කබීර් හෂීම් ඇමැතිවරයා එම වාර්තාව හේතුවෙන් එජාපයේ පළාත් පාලන ජයග්‍රහණයට බලපෑමක් එල්ලවීමට අවකාශයක් නැතැයිද සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට පැමිණි ජනාධිපතිවරයා කෝපයට පත්ව එම ස්ථානයෙන් නැඟිට යෑම පිළිබඳව පළ වී ඇති ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසුවේ කැබිනට් මණ්ඩලයේදී ඊයේ සංවාදශීලී සාකච්ඡාවක් පැවැත්වූ බවත් පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් සීමාව ඉක්මවා යමින් රජය විවේචනය කිරීම පිළිබඳව චෝදනාව එහිදී සමතියකට පත්වූ බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon