ජාතික හොකී ශූරතාවලියට පිරිමි හා කාන්තා කණ්ඩායම් 28ක්

  👤  3373 readers have read this article !
By mawbima 2018-01-18

සඳරු පෙරේරා

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ජාතික හොකී ශූරතා තරගාවලිය කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16දා) ආරම්භ වූ අතර මෙවර ජාතික හොකී ශූරතාවලිය පැවැත්වෙන්නේ වසර 3කට පසුව වීම විශේෂත්වයකි.
මෙවර හොකී ශූරතාව සඳහා පිරිමි කණ්ඩායම් 18ක් හා කාන්තා කණ්ඩායම් 10ක් සහගාගි වන අතර පළමු දිනයේ පැවැති පිරිමි අංශයේ තරගවලදී ආරක්ෂක සේවා කණ්ඩායම හමුවේ රත්නපුර කණ්ඩායම ගෝල 20-0ක් ලෙසද වෙළෙඳ සේවා කණ්ඩායම හමුවේ මාතර කණ්ඩායම ගෝල 7-0ක් ලෙසද පරාජයට පත්විය.
කොළඹ කණ්ඩායම හමුවේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම ගෝල 7-0ක් ලෙසද රාජ්‍ය සේවා කණ්ඩායම හමුවේ යාපනය කණ්ඩායම ගෝල 13-0ක් ලෙසද පරාජයට පත්ව තිබූ අතර ජනසතු සේවා කණ්ඩායම හමුවේ කෑගල්ල කණ්ඩායම ගෝල 3-1ක් ලෙසත් වෙන්නප්පුව කණ්ඩායම හමුවේ මාතලේ කණ්ඩායම ගෝල 8 - 1ක් ලෙසත් පරාජයට පත්ව තිබිණි.

කෙසේ වෙතත් මහනුවර කණ්ඩායම හා ගම්පහ කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර මෙම හොකී තරගාවලිය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ. කාන්තා අංශයේ තරග හෙට දින ආරම්භ වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon