හවුල් ආණ්ඩුව දැන් පණ අදිනවා

  👤  3190 readers have read this article !
By mawbima 2018-01-18

පණ අදින ආණ්ඩුවේ පාලන කාලය අවසන් වීමට ඇත්තේ තවත් මාස 19ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹදී ඊයේ (17දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී මහින්ද යාපා මහතා මෙසේද පැවැසීය.

"මේ ආණ්ඩුවේ ගමන හැකි ඉක්මනින් නතර කිරීමට සිදුවන බව ආණ්ඩුවට පෙබරවාරි 10 තේරේවි. අඩු වශයෙන් ඉදිරි මැතිවරණයෙන් මේ හවුල් නඩයට එක ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න හැකිවේවිද කියලා ජනතාවටත් දැන් සැකයි. මේ හවුල් නඩය පලවා හැරීමේ පළමු පියවර විදියට මේ ජනවරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

මේ ආණ්ඩුව පටන් ගත්තෙම පළිගැනීමේ වැඩපිළිවෙළක් තුළින්. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි කෘෂිකර්ම ඇමශ්‍රී ැතිවරයෙක් කිව්වේ බලහත්කාරයෙන් හරි හෙක්ටයාර් දෙලක්ෂ පනස් දහසක වී ගොවිතැන අපි නතර කරන්න ඕන කියලා. අපි භාරදුන්නේ ධාන්‍යවලින් පිරී ඉතිරී ගිය රටක්. යැයි මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ලොකුම මහ බැංකු මංකොල්ලය කළ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවම 2000 වසරේ දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාචත් කළ බැවින් එම පක්ෂයට බිලියන ගණනින් වංචා කිරීම හුරුපුරුදු දෙයක් වී ඇතැයි ලංකා බැංකුවේ හිටපු සභාපති ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා මෙහිදී පැවැසීය.
ඒ මහතා මෙසේද පැවැසීය.

මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. මහ බැංකු වාර්තාවේ තිබෙනවා 2017 සැප්තැම්බරය වන විට නිෂ්පාදනය 46%කින් පහතට වැටිලා කියලා. රජය බලාපොරොත්තු වෙනවා ආර්ථික වර්ධන වේගය 2018දී 6%ක් දක්වා වර්ධනය කරගන්න. 2016දී එය 4.4%යි. මෙවැනි මට්ටමක ඉ¼දලා අපේක්ෂිත ඉලක්කය කරා යන්න ලොකු ආයෝජනයක් කරන්න සිදුවෙනවා. ආණ්ඩුව ඇවිත් අවුරුදු 3ක් ගතවෙලා. අපි දැක්කා ඇවිත් කරපු ආයෝජනය මොකක්ද කියලා.
අපි ආණ්ඩුව භාර දෙද්දී උද්ධමනය තිබුණේ 3.3%යි. හැබැයි ආණ්ඩුවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයක අනුව 6.8%යි. මහ බැංකුව කියනවා මේ උද්ධමනයට හේතුව ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම බව. ඒ ඇතුළේ තියෙන ප්‍රධානම දේ තමයි ආහාර මිල ඉහළ යෑම. ඒ නිසයි උද්ධමන වේගය වැඩි වෙන්නේ. මහ බැංකුව හොඳ කරුණක් පෙන්වා දී තිබෙනවා පාරිභෝගිකයන්ට භාණ්ඩ මිල ඉහළ යෑමට එක හේතුවක් කියලා 2016 දී වැට් 11% සිට 15% දක්වා වැඩිකිරීම. ඊට පස්සේ මොවුන් ගේම ජනප්‍රියම පිළිතුර පඩි වැඩි කිරීම. රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරනවා. එතකොට අනික් මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද?
මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
"අපි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හැදුවම එක්කෙනෙක් තරහා වෙලා බොරුවට ගියාම අනිත් එක්කෙනා ගිහින් අතින්් අල්ලාගෙන ආයෙත් එක්කන් එනවා. කැබිනට් එකයි ආණ්ඩුවයි අද හරියට සෙල්ලම් ගෙයක් වගේ. මේ සෙල්ලම් කරන්නේ ජනතාව එක්කයි."
මෙහිදී මාධ්‍යවේදීහු විමසූ ප්‍රශ්නවලටද මාධ්‍ය හමුවේ පිළිතුරු දුන්නේ මෙසේය.
ප්‍ර. - ජනාධිපතිවරයා කැබ්නට් එකේදී හැසිරුණේ මැතිවරණයක් ඉදිරියේ තියෙන නිසා ජනතාවගෙන් ලකුණු දාගන්නද දන්නේ නෑ නේද?
මහින්ද යාපා මන්ත්‍රිවරයා - එහෙම කළාම ලකුණු වැටෙනවාද ලකුණු කැපෙනවාද?

ප්‍ර. - ඔබතුමා කියලා තිබුණා කාතානායක ඉල්ලා අස්විය යුතුයි කියලා. අගමැති එදා ලොකු කලබගෑනියක් ඇතිවූ වෙලාවේ පාර්ලිමේන්තුවේදී කිව්වා මයික් එක දානවා නැත්නම් මම තමුසෙව ගලවලා දානවා කියලා. කතානායකට මේ දේවල් අහලා මොනවා හිතිලා ඇද්ද?
පි. ඒක තමයි තියෙන අවාසනාවන්ත තත්ත්වය. පිටකොන්දක් තියෙනවා නම්, ආත්ම ගෞරවයක් තියෙනවා නම් එහෙම තමයි කළ යුත්තේ. අගමැති ගලවලා දානවා කිව්වා නම් ඉතින් යම් තීරණයක් ගනීවී.

ප්‍ර. අගමැතිට එරෙහි විශ්වාසභංගය ගේනවාද?
පි. ඔව්. එහි වැඩකටයුතු කරගෙන යනවා. අගමැතිවරයකුට එරෙහිව ගේන එකක් නිසා හැම කරුණක්ම සැලකිල්ලෙන් සොයා බැලිය යුතුයි.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඡායා - සජීව චින්තක කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon