අනුරාධපුර යතුරුපැදි - කාර් ගැටුමෙන් එක් අයෙක් මරුට

  👤  3413 readers have read this article !
By mawbima 2018-01-18

යාපහුව -
බණ්ඩාර හේරත්,

ඇල්ල හරහා අනුරාධපුර මාර්ගයේ මහව පොලිස් බල ප්‍රදේශයේ බලල්ලේදී ඊයේ (17දා) පෙරවරු 11.40ට පමණ යතුරුපැදියක් හා කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. යතුරුපැදිය පැදවූ පුද්ගලයා බියගම ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් ඔහු බරපතළ තුවාල ලබා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි. මෝටර් රථය පැදවූ රියදුරුට නින්ද යෑම නිසා හෝ වේගය පාලනය කරගත නොහැකිව මේ අනතුර වන්නට ඇතැයිද තව දුරටත් ඒ පිළිබ¼දව පරීක්ෂා කරන බවද එම ස්ථානයේ රාජකාරියේ නිරත මහව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු සඳහන් කළේය.

අනතුරින් යතුරුපැදිය දෙකට කැඩී තිබූ අතර මෝටර් රථයටද දැඩි ලෙස අලාභ හානි වී තිබිණි. මෝටර් රථයේ පැමිණි අය නොචිච්යාගම ප්‍රදේශයේ බවට හඳුනාගෙන ඇති අතර සුළු තුවාල ලැබූ එහි රියැදුරු සහ තවත් පුද්ගලයකු මහව දිසා රෝහලට ඇතුළත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon