ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් කරුණු කාරණා තවම ඉටුවී නෑ

  👤  3322 readers have read this article !
By mawbima 2018-01-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ශ්‍රී ලංකා රජයට ඉටුකරන මෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිවක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමෙරිකා තානාපතිවරයා අතර හමුවක් 15දා කොළඹදී සිදුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කොට ඇති අතර විශේෂ ලිපියක්ද මේ අවස්ථාවේදී විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට භාරදී තිබේ.
විග්නේශ්වරන් මහතා මෙහිදී අවධාරණය කොට ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකා රජයට ඉටු කිරීමට නිර්දේශ කරන ලද කරුණු යළිත් වරක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකා රජයට මතක් කොට දිය යුතු බවයි.

මේ නිසා ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරයේදී අනිවාර්යයෙන්ම මේ කරුණු ඉටු කරන මෙන් ශ්‍රී ලංකා රජයට බල කළ යුතු බව පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා යම් රජයක් විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලබන දේ ඉටු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් ඉතා පැහැදිලි විය යුතු බවද පෙන්වා දී තිබේ.

රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යන බවත් ඉන් උතුරු නැඟෙනහිර අර්බුදයට විසඳුම් රැසක් ලැබෙන බවත් පසුගිය සැසිවාරයේදී ප්‍රකාශ කළත් මේ වනතුරු නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අපේක්ෂාවන් දල්වා ගැනීමට හැකියාවක් නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා ඇමෙරිකා තානාපතිවරයාට පෙන්වා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon