බේබදු පියා මහමඟ වැටි-වැටී යද්දී අවුරුදු 7ක දරුවා වාහනවලින් බේරාගෙන නිවෙසට අරන් ගිහින්

  👤  3554 readers have read this article !
By mawbima 2018-01-18

කතරගම - ඩී.එන්. කළුආරච්චි

පසුගියදා වත්මන් රජය විසින් තැබෑරුම් රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට පියවර ගනු ලැබීය. මත්පැන්වලට තහංචි දැමිය යුතු වුවත් ඊයේ සවස (17දා) මත්පැන් නිසා අසරණ දරුවකු තම පියා මහමඟ යන රථවාහනවලට හසු නොවී රැගෙන ගිය අවස්ථාවක් දැඩි හැඟීම්බර විය.
ස්ථානය තිස්සමහාරාම වැව ආසන්නයේ වන අතර වේලාව සවස 5 පමණ වෙයි.
අධික ලෙස බීමත් වූ තම පියා වැටි වැටී මහමඟ ගමන් ගන්නා අතර වාරයේදී මේ ස්ථානයට පැමිණි වයස අවුරුදු 7 තරම් වූ පුංචි පුතා තම පියා ඉතා අමාරුවෙන් තම නිවෙසට රැගෙන යනු ලැබීය.

රථවාහනවලට යට වෙයි යන බියෙන් දරුවා වැනි වැනී ගිය තම පියා පුංචි දෑත්වලින් වත්තම් කරගෙන යන අතර සුනඛ වෙස් ගත් බේබදු පියා අසරණ දරුවාට පහර දෙන අවස්ථාද විය.
හැඩි දැඩි පියාගෙන් පහර වැදුණද පුංචි දරුවා ඉවසා දරා තම පියා නිවෙසට රැගෙන යන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon