එල්ටීටීඊයට සම්බන්ධ දේ්වල් යොදා ගැනීමට එපා කියද්දී පුදුකුඩිඉරිප්පු දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයන් කොටි උපනායක කිට්ටුගේ 25 සමරුව දේශපාලන වැඩට යොදාගෙන

  👤  3114 readers have read this article !
By mawbima 2018-01-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරේ මැතිවරණ කටයුතු සඳහා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වය දැනුම් දී තිබියදී පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කිට්ටුගේ 25 වැනි ගුණ සමරුව දේශපාලන කටයුතු සඳහා යොදාගෙන තිබේ.
මේ අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර කිට්ටුගේ කිට්ටු ඥාතීන් නොවන පිරිස් විසින් මියගිය එල්ටීටීඊ නියෝජ්‍ය නායක කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පලඳවා උපහාර දක්වා තිබේ.

ඒ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක රැලිය නැරැඹීමට පැමිණ සිටි කුඩා දරුවන් ලවාද කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පලඳවා ඇති අතර එම ක්‍රියාව මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන්ට එල්ටීටීඊ නායකයන් යොදා ගැනීමට වඩා බරපතළ බව මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ පෙන්වා දෙති.

කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පලඳවා කතා කළ මැතිවරණ අපේක්ෂකයන් පවසා ඇත්තේ මීට වසර 25කට පෙර මියගිය කිට්ටු ඇතුළු එල්ටීටීඊ නායකයන් විසින් අපේක්ෂා කළ දෙමළ ජනතාවගේ විමුක්තිය හා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය කැපවීමෙන් ක්‍රියා කරන නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමස්ත උතුරේම බලය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට ජනතාව තීරණය කළ යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon