පැල්පත වෙනුවට නිවෙසක් ගැන සිහින දකින සිරියාවතී

  👤  3203 readers have read this article !
By mawbima 2018-01-18

බොහෝ මිනිස්සු සිහින දකිති. එහෙත් ඒ සිහින සැබෑ වන්නේ කලාතුරකිනි. ඇතැම් සිහින සැබෑ කර ගන්නට නම් වෙහෙස වී කටයුතු කළ යුතුය.
තමුන් ජීවත්වන පැල්පත වෙනුවට ඉන්නට නිවෙසක් තනා ගැනීමේ සිහිනය සැබෑ කර ගන්නට එළවළු කොටුවක් කරමින් එහි අස්වැන්න සති පොළක් ගාණේ රැගෙන ගොස් අලෙවි කරන දිරිය මාතාවක් මීගහකිවුල සියඹලාගස්ලන්ද ගමේදී අපිට හමුවිය. ඇය ඩී.එම්. සිරියාවතීය. තම නිවෙසේ වෙසෙන සිය මිනිපිරියගේ ඉගැන්වීම් කටයුතු සොයා බැලීම, ගෙදර ‍ෙදාරේ වැඩකටයුතු අඩුවක් නැතිව ඉටු කිරීම, වසර පුරාම තම එළවළු කොටුව නඩත්තු කිරීම මෙන්ම ගමෙන් බැහැරව පිහිටි සතිපොළ කීපයකටම එළවළු, පලතුරු අදිය රැගෙන ගොස් අලෙවි කිරීමත් ඇය දෛනිකව ඉටු කරන රාජකාරි ගොන්නට ඇතුළත්ය.
ඇය මේ සියල්ල ඉටු කරන්නේ එකම හීනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඒ නිසාම ඇය වෙහෙස කුමක්දැයි නොදනියි. මේ සියලු කාර්යයන් පසුපස තම සැමියා සිටීම තමුන්ට විශාල ශක්තියක් බවද ඇය පවසන්නීය.

තම මිනිපිරිය පාසල් යවමින් ඇගේ වියපැහැදම් පිරිමහගන්නේත් පවුලේ දෛනික වියදම් පිරිමසා ගන්නේත් මෙම වෙළෙ¼දාමෙන් හා ගොවිතැනෙන් උපයා ගන්නා මුදලිනි. ඒ අතරතුර සැලකිය යුතු මුදලක් මේ හරහා ඉතිරිකර ගත හැකි බවද ඇය පවසන්නීය.
ඇය මෙසේ කීවාය.

"මහත්තයෝ අපි හරිම දුප්පත් මිනිස්සු. අඩුම තරමේ අපිට ඉන්න ගෙයක් ‍ෙදාරක්වත් නැහැ. එක කාමරයක් තියෙන පුංචි පැල්පතක තමා අපි ජීවත් වෙන්නේ. හැබැයි උපතින් දුප්පත් වුණත් අපිට හැමදාම මේ විදියට ඉන්න බැරි නිසා තමා මේ විදියට අපේම කියල ආදායමක් හොයා ගන්න මහන්සි වුණේ.
මම මුලින්ම කුඹුරු අඳේට අරගෙන බටු, මිරිස් වගේ එළවළු වගා කළා. ඒත් වත්තටම ආව අතරමැදියො ඒව අපෙන් තුට්ටු දෙකට අරන් වැඩි මුදල් උපයාගන්න හැටි අපි දැක්ක. ඊට පස්සේ තමා අපි අපේ වත්තේ එළවළු ටික අපිම සතිපොළක් ගාණේ ගිහින් විකුණන්න පටන් ගත්තේ.
මීගහකිවුල, බෝගහතැන්න, පිටමාරුව වගේ නගරවල සතිපොළවල් තියෙනකොට ඒවට යනවා. උදේම ගියාම දහය - එකොළහ වෙනකොට අපේ බඩු ඉවර වෙනවා.
මීගහකිවුල - රුවන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon