චීන ණයවලින් ලංකාවත් අමාරුවේ වැටෙයිද?

  👤  3385 readers have read this article !
By mawbima 2018-01-17

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

චීනයේ ණය සහනාධාර හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අනාගතයේදී බරපතළ ණය අර්බුදයකට මුහුණපානු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පවසයි.

එය වැළැක්වීම සඳහා චීනයෙන් ණය ආධාර ලබාගෙන ඇති රටවලට ක්‍රියාකාරි සැලැස්මක් නිර්දේශ කිරීමටත් එම රටවල් සමඟ සමීපව ක්‍රියා කළ යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් ලිප්ටන් පෙරේදා (15දා) හොංකොංහිදී කළ මෙම ප්‍රකාශය උපුටා දක්වමින් "ද ඔස්ට්‍රේලියන්" පුවත් සේවය මේ බව සඳහන් කළේය.

සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල චීනය කරනු ලබන ව්‍යාපෘතිවලින් සිදුවන්නේ අධික ණය බරකට ඒ ඒ රටවල් පත්කිරීම බව ඔහු පෙන්වා දෙයි.
ඒ ඒ රටවල යටිතල පහසුකම් නැංවීමට සහාය දෙමින් චීනය එම රටවල වැදගත් ස්ථානයක් ලබාගෙන ඇති අතර අදාළ රටවලටද බොහෝ පහසුකම් සැලසේ.
"කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඔවුන් විසින්ම වෙනස් ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. ඒ චීනයේ ණයවලින් ඉදිකළ ව්‍යාපෘති පවත්වාගෙන යෑමට චීනයටම යළි භාරදීමයි. එමඟින් අධික ණය බර සැහැල්ලු වෙන්න සොයාගත් හොඳ ක්‍රමවේදයක්" බවද අයි.එම්.එෆ්. ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon