රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්දගෙන් කමිටුවක්

  👤  3323 readers have read this article !
By mawbima 2018-01-17

සිදත් මෙන්ඩිස්, ඉෂාරා සිල්වා

බැඳුම්කර කොමිෂන් වාර්තාව පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ, පක්ෂ නායක රැස්වීමේදී උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ ආර්ථික කමිටුවට ඊට අදාළ පූර්ණ වගකීම පවරා ඇත.
එමෙන්ම 2008 සිට 2014 දක්වා කාලය තුළ බැඳුම්කර නිකුතුවලදී මුදල් අවභාවිතයක් සිදුවූ බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳවද පුළුල් අධ්‍යයනයක් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (16දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලට පැමිණ ඇත.
මේ අතර බැඳුම්කර කොමිෂන් වාර්තාව අද (17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon