ඉරණමඩු ජලාශයෙන් ගොවීන්ට ජලය ලබාදී 98 වසරක් පිරීමේ විශේෂ උත්සවයක් අම්මාන් කෝවිලේදී

  👤  3314 readers have read this article !
By mawbima 2018-01-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයෙන් පළාතේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදීම ආරම්භ කොට වසර 98ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පෙරේදා (15දා) ඉරණමඩු ජලාශය ඉදිරිපිට පිහිටි අම්මාන් කෝවිලේදී සිදු කෙරිණි.
කිලිනොච්චිය ප්‍රදේශයෙන් කුල කාන්වන් 98 දෙනකු තෝරාගෙන ඔවුන් ලවා කිරිබත් මුට්ටි 98ක් නැකතට පිළියෙල කොට එම කිරිබත්වලින් අම්මාන් කෝවිලට පූජාවක් පැවැත්වීම මේ විශේෂ උත්සවය විණි.

එක පෙළට ළිප් බැඳ එකම ප්‍රමාණයේ නැවුම් මුට්ටි 98ක මේ කිරිබත් පිළියෙල කළ අතර මේ අවස්ථාවට කිලිනොච්චිය දිසාපතිවරයාද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon