ඊළඟ තෛපොංගල් සැමරුමේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට රජය පියවර ගනීවි

  👤  3258 readers have read this article !
By mawbima 2018-01-17

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ඊළඟ තෛපොංගල් දින සැමරුම් අවස්ථාවේදී ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට රජය පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කරයි.

"ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් රජය පොරොන්දු රාශියක් ලබාදී තිබෙනවා. වැදගත්ම දේ වන්නේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමයි. ඊළඟ තෛපොංගල් දිනය සමරන අවස්ථාවේදීවත් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්නට හැකිවෙතැයි අපේක්ෂා කරනවා." යැයි විපක්ෂ නායකවරයා පැවැසුවේ පෙරේදා (15දා) දින කොළඹ අරලියගහ මැඳුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. "ලක්ෂ්මන් කදිරගාමර් සමරු වැඩසටහනකට මා සහභාගි වුණා. එහිදී ඉන්දීය අමාත්‍යවරයකු කළ දේශනයට මා ඇහුම්කන් දුන්නා. ඒ දේශනයේදී ඉන්දියාවේ ජනවර්ග විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට සම අයිතිය ලබාදී තිබෙන බවත් එතුමා කියා සිටියා. ඉන්දියාවටයි ලංකාවටයි නිදහස ලැබුණේ එකටමයි. නමුත් එම තත්ත්වයට පැමිණීමට ලංකාවට තවම හැකියාවක් ලැබී නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon