කතානායකවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරනවා

  👤  3170 readers have read this article !
By mawbima 2018-01-17

ජේ.ටී. ද සිල්වා

ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන 'මව්බිම'ට පැවැසීය.
පාර්ලිමේන්තුව නොසන්සුන්තාවට පත් වූ අවස්ථා රාශියකදී කතානායකතුමා මෙවැනි ප්‍රකාශ නිකුත් කර ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. "මා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කිවයුතු වන්නේ, සජීවී විකාශයකට පත්ව තිබුණු පාර්ලිමේන්තු රැස්වීම් දිනයක පැවැත්වුණු රැස්වීමේ කටයුතු සියලු මන්ත්‍රිතුමන්ලාත්, මන්ත්‍රිතුමන්ලා පත් කළ ඡන්දදායකයනුත් හොඳට දැක බලාගෙන, අවබෝධ කරගත් බව" යැයි ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් මා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා හා මන්ත්‍රිවරු ඉදිරිපත් කළ කරුණු පිළිගෙන කතානායකතුමා කටයුතු කළේ නම්, පාර්ලිමේන්තුව මෙලෙස කනගාටුදායක තත්ත්වයකට ඇද නොවැටෙන බවද මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේය.

"අද 16 වැනි දින කිවයුත්තේ 17 වැනි දිනට පාර්ලිමේන්තුවට ලැබෙන බවට ප්‍රකාශ කර ඇති මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට කතානායකතුමා ප්‍රමාදයකින් තොරව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා" යැයිද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon