දකුණු මුහුදේ ගිලුණු රාජකීය නෞකාවක් සොයා ගනී

  👤  3380 readers have read this article !
By mawbima 2018-01-17

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙරට සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය මඟින් සිදුකළ සාගර ගවේෂණයකදී දකුණු මුහුදු තීරයෙන් 'අර්ඉ අචදඨධධද' නමින් හැඳින්වෙන පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වටිනාකමකින් යුත් නෞකාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම නෞකාව බි්‍රතාන්‍ය රාජකීය තැපැල් සේවා සඳහා යොදාගත් නෞකාවක් බවත් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ මේ නැව වසර 1871 නොවැම්බර් මස 01 වැනි දින ගාල්ල මුහුදු තීරයේදී මුහුදුබත් වී ඇති බවත් පැවැසේ. මෙහි 'අර්ඉ' යන්නෙන් හැඳින්වෙන්නේ 'අධරචත ර්චඪත ඉඩඪන' හෙවත් රාජකීය තැපැල් නැව යනුවෙනි.
ගාලු වරායට නාවික සැතපුම් 07ක් පමණ දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී තිබියදී මෙම නෞකාව සොයාගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් සිදුකළ ගවේෂණය මඟින් නෞකාවේ අවර පෙත්ත, අවර දණ්ඩ, වාෂ්ප ටැංකි හා කුඹගස් ආදිය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

මීට අමතරව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය වසර කිහිපය පුරා ලංකාව වටා සිදුකළ සාගර ගවේෂණවලදී තවත් නෞකා රැසක තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව දෙහිවල මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණවලදී ගිලීගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අතර මෑත භාගයේදී ගිලී ගිය යාත්‍රා මෙන්ම වසර සියයකට වඩා පැරැණි යැයි අනුමාන කළ හැකි යාත්‍රාද වේ. ඒ ගවේෂණයන්ට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරේ තැන්පත්ව තිබූ ඒවාය.
ඒ යාත්‍රා සියල්ලම ලෝහ භාවිතයෙන් නිපද වූ යාත්‍රා වන අතර විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාද, මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා මෙන්ම කුඩා ප්‍රමාණයේ වාෂ්ප හා එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ යාත්‍රාවක්ද වේ.

ර්ඍ ඉනඥජඩඥභප ඕපඥබධද, ච්ඥතඩඪ ඛ්ධචත එපඥජඬ, ව්ඪතඨඪපඪ ඊභඨ, ර්ඍ ර්ඥඤඩභටචපභ, ඊඪතඥබ ඕචපඨඥ, ඊඩඥපථධනරතචඥ ඉඪඥපපච, ඕචබබඥපර ඡචපඨඥ, ඛ්ධතධථඡධ ඛ්චප එපඥජඬ, ඉඉ එධපජඵබඥපඵඩඪඥප, ර්ථීචදචඤභපච ඕධඪතතඥප එපඥජඬ, ර්ඍ ඒඵබධපඪතච, ඉඉ ර්ථීඥපඵඥභඵ, ඊචනපධඡචදඥ ව්ධපබඩ ඕචපඨඥ, ජ්ධභප ඕචපඨඥඵ, ඹ්ධබභඵ ඕචපඨඥ යන නෞකා පිළිබඳව ඉහත තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකරගෙන යන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon