ප්‍රශ්න කිහිපයකට හෝ මෙතෙක් විසඳුම් නෑ

  👤  3135 readers have read this article !
By mawbima 2018-01-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයටත් යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නයටත් රජය ස්ථිරසාර විසඳුමක් මෙතෙක් ලබා නොදුන් නිසා තෛපොංගල් සමයේදීත් සාධාරණය ඉල්ලමින් දෙමළ ජනතාවට මහමඟ උපවාස කිරීමට සිදුවීම කනගාටුවට කරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ලන්ඩනයේ සිට විකාශය වන අයි.බී.සී. දෙමළ ගුවන් විදුලි වැඩසටහනකට ඉකුත් 15 වැනිදා සහභාගි වෙමිනි.
වත්මන් රජයට දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට වඩා ඔවුන්ගේ පක්ෂ අතර ඇති අර්බුද විස¼දා ගැනීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බවද මෙහිදී සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ දෙමළ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළේ මහත් අභිලාෂයන් රැසක් මුදුන්පත් කරගැනීමේ අරමුණින් නමුත් දෙමළ ජනතාව අපේක්ෂා කළ ප්‍රධාන ප්‍රශ්න කිහිපයටවත් මෙතෙක් විසඳුමක් නොලැබීම නිසා මේ දිනවල පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටීමට යන දෙමළ ජනතා සන්ධානයේ අපේක්ෂකයන් ජනතාව ඉදිරියේ දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින බවයි.

විපක්ෂ නායකවරයා විසින් දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න වශයෙන් එම වැඩසටහනේදී විස්තර කළේ උතුරු හා නැඟෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීම යන කාරණා කිහිපයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon