ඔහුටත්, බිරියටත්, නැන්දම්මාට හා අක්කාටත් පිහියෙන් ඇනලා

  👤  3428 readers have read this article !
By mawbima 2018-01-17

වීහේණ අනුරාධ

දේවාල හංදිය විල්පත ප්‍රදේශයේ කෝපයට පත් පුද්ගලයකු තම බිරියට, බිරියගේ මවට, අක්කාට සහ තවත් සිද්ධියට සම්බන්ධ බාහිර පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකර එම පුද්ගලයාගේ යතුරුපැදියටද ගිනි තැබීමක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
තුවාල ලැබූ තුවාලකරුවන් හලාවත සහ මුන්දලම රෝහල්වලට ඇතුළත් කර ඇත. පිහි ඇනුමෙන් තුවාල ලැබූ පිහි ඇනුම සිදුකළ පුද්ගලයාගේ බිරියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දේවාල හංදිය, විල්පත පදිංචි ජේ.ඒ. නදීකා සුභාෂිනී, ඇයගේ මව වන ජේ.ඒ. වයලට්, අක්කා වන ජේ.ඒ. හර්ෂනී මංගලිකා සහ එච්.ඩබ්ලිව්. ගුණතිලක නමැත්තෙකි.

පිහි ඇනුම සිදුකළ තැනැත්තා සිය නිවෙසට එන විට නිවෙස තුළ මෙම අසල්වාසී පුද්ගලයා සිටිනු දැක කෝපයට පත්ව මෙම පිහි ඇනුම සිදුකර ඇත.
පල්ලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසිත ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon