‘මිස්ටර් ක්ලීන්’ පල්හොරෙක් බව ජනතාව කියනවා

  👤  3561 readers have read this article !
By mawbima 2018-01-17

දේශපාලන නායකයන් කියා ගන්නා ඇතැමුන් පාර්ලිමේන්තුවේ විකටයන් වන තරමට මානසිකව කඩා වැටී ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවැසීය.

බැඳුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවලින් බේරෙන්න අගමැතිවරයාට හැකියාවක් නැහැ. 'මිස්ටර් ක්ලීන්' අද පල් හොරෙක් ලෙසට වූ මතවාදයක් ජනසමාජය තුළ ගොඩනැඟී තිබෙනවා. ආර්ථිකය ගොඩනඟනවා කිව්ව මහ මොළකරුවා ඉදිරියේ රටේ ඉතිරි රාජ්‍ය සම්පත් විකුණනවා.
අගමැතිවරයා කියනවා 2008-2014 කාලයේ බැඳුම්කර නිකුත් කිරීම ගැන විමර්ශනය කරන්න කියල. ඒත් ප්‍රාථමික ගැනුම්කරුවන් 16 දෙනාගෙ ලාභ අලාභ විමසුවා නම් ඒක දැනගත හැකියි.
චන්ද්‍රිකා කුමාරතුංග කියනවා අර්ජුන මහේන්ද්‍රන් හිරේ යවනව කියල. ඒත් එසේ කියන්නේ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක කියන තමන්ගේ ගජමිතුරන් ආරක්ෂා කිරීමටයි.

පක්ෂයෙන් ඉල්ලා අස්වී කටයුතු කරන්න කියන ජනාධිපතිතුමාගෙන් අපි අහනව ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද කියල. අපි අපේ කොන්දේ හයිය පෙබරවාරි 10 පෙන්වන්නම්. අපේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කළොත් ඒක අධිකරණය ඉදිරියේදී විස¼දාගන්න අපි සූදානම්.
පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බව කතානායක කියන කතාව සත්‍යයක්. කොමිෂන් වාර්තාව නැතිව අගමැතිතුමා ප්‍රකාශයක් කිරීමට සූදානමින් ආවා. කුමන්ත්‍රණයක් තිබූ බව කාටත් හෙළි වුණා.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා.

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරන බව ආණ්ඩුව බලයට පත්වෙන කොට කිව්වා. ඒත් පසුගිය වසර කිහිපයේ නාමිකව වෙන්කරන මුදල් හෝ වැය කරල නැහැ. 2016 වසරේදී රුපියල් බිලියන 203ක් අධ්‍යාපනයට වෙන් කළත් වැය කොට තිබෙන්නේ බිලියන 63ක් හෙවත් 32%ක් පමණයි. 2017 වසරේදී සිසු සිසුවියන්ට ටැබ් දෙන්න රුපියල් බිලියන 64ක් වෙන් කළත් ටැබ් දුන්නේ නැහැ. ළඟම පාසල හොඳම පාසල සංකල්පය හොඳ වුණත් මුල්ගල් තබපු ගොඩනැඟිලිවල වහල ගහන්නවත් අසමත් වෙලා.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon