අද සිම්බාබ්වේ සමඟ තරඟයෙන් හතුරුසිංහ පළමු සටනට මුහුණ දෙයි

  👤  3237 readers have read this article !
By mawbima 2018-01-17

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (17දා) සිම්බාබ්වේ සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

මිර්පූර්හි ෂෙහෙරා බංග්ලා ජාතික ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ඇරැඹෙන මෙම තරගය දෙරට අතර පැවැත්වෙන 56 වැනි එක්දින තරගය ලෙස හා චන්දික හතුරුසිංහගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා පිලක් සහභාගි වන පළමු තරගය ලෙසද මෙය ඉතිහාසගත වෙයි. ඒ අනුව දෙරට අතර පැවැති එක්දින තරග 55 තුළදී ශ්‍රී ලංකාව අවස්ථා 43කදී ජයගෙන තරග 10ක් පරාජයට පත් වී තරග දෙකක් විසඳුමකින් තොරවද අවසන් වී තිබේ.
බංග්ලාදේශය හමුවේ පසුගිය තරගය පරාජය වී සිටින සිම්බාබ්වේ කණ්ඩායම අද යම් පීඩනයකින් තරගයට පිවිසීමට ඉඩ ඇති නමුත් ඔවුන් පහසුකොට තැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකාව සමඟින් පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන ඇති බැවිනි.

කෙසේ වෙතත් අද තරගය සඳහා කලකට පසු කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිවීමට ඉඩ ඇති අතර, එය අද තණතීරුව බලා තීරණය කිරීමට නියමිතව ඇති බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon