වොලිබෝල් සම්මුඛ පරීක්ෂණයෙන් ක්‍රීඩා නීතියට ඩෑෂ් ප්‍රහාරයක්

  👤  3200 readers have read this article !
By mawbima 2018-01-16

සිරිනාම රාජපක්ෂ

2018 වර්ෂයට අදාළව නව වොලිබෝල් පුහුණුකරුවන් තෝරාගැනීමේ පරීක්ෂණ අද (16දා) කොළඹ - 7 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙන අතර මෙරට ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරන ලද හිටපු පුහුණුකරුවන්ද අද පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
එනම් 1995 වසරේදී කොරියාවේ සහ ජපානයේ පැවැති ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස සහභාගි වී රටින් පැන යෑමේ වරදට හසුවූ පුද්ගලයන් දෙදෙනකු අද සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර සිටින බවද දැනගන්නට ඇත.
ඒ අනුව එවැනි පුද්ගලයන්ට මෙරට ක්‍රීඩා පනතට අදාළව 2016 ඔක්තෝබර් 27දාතමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සංශෝධිත නව ක්‍රීඩා රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ විය නොහැකිය. එකී ගැසට් නිවේදනයේ 1990/23, 5 වැනි ජේදයේ (ණ) වගන්තියට අනුව රටින් පැනගිය පුද්ගලයන්ට පුහුණුකරු තනතුරකට පත්වීමේ අවස්ථාව වළක්වා ඇත.

එවන් නීතිමය තත්ත්වයක් තුළ පුහුණුකරුවකු ලෙස ඉල්ලුම් කිරීමට පවා සුදුසුකම් නොලද පුද්ගලයන් අද සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන බලධාරීන් විසින් කරනු ලබන නීති උල්ලංඝනයක් ලෙසද ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී ඇති අතර අද දින සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති මුළු සංඛ්‍යාව 30ක් පමණ වන බවද පැවැසේ. ජාතික වොලිබෝල් ජේ‍යෂ්ඨ (කාන්තා හා පිරිමි) කණ්ඩායම් 2ට, කනිෂ්ඨ වොලිබෝල් (කාන්තා හා පිරිමි) කණ්ඩායම් 2ට සහ ජාතික යොවුන් පිරිමි කණ්ඩායමට අදාළව පුහුණුකරුවන් තිදෙනකු (ප්‍රධාන පුහුණුකරු සහාය පුහුණුකරු සහ අභ්‍යාසක) බැගින් පුහුණුකරුවන් 15 දෙනකු බඳවා ගැනීම සඳහා අද දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon