බැඳුම්කර කොමිසම් වාර්තාව අපිට දෙන්නේ රවී වැරදි හදල දුන්නට පස්සෙද?

  👤  3105 readers have read this article !
By mawbima 2018-01-16

පළාත් පාලන ආයතන තුළ අවම කාන්තා නියෝජනය 25%ක් තිබිය යුතු බවට ආණ්ඩුව පැවසුවද එය නීති පොතට එකතු වී නැති බැවින් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට තම පක්ෂය ඉදිරියේදී අධිකරණය හමුවට යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අවම කාන්තා නියෝජනය නීතියක් බවට පත්වී නොමැති නම් අවම කාන්තා නියෝජනය නැතැයි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමද නීති විරෝධී බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මේ වරද සිදුවී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව තවමත් නීති පනත් සැකසීමේ ලේඛන ඉංගී්‍රසි භාෂාවෙන් පැවැතීම බැවින් ඉංගී්‍රසි පිටපතේ ඇති කාන්තා නියෝජනයට අදාළ කොටස එහි සිංහල පිටපතේ නොමැති වීම බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. එහෙත් කිසියම් දෝෂයක් හටගැනුණහොත් බලපැවැත්වෙන්නේ සිංහල පිටපතේ නීතිය බැවින් කාන්තා නියෝජනය පිළිබඳ 2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීමට (සංශෝධන) සිංහල පිටපතේ එම කොටස ඇතුළත් නොවීම නිසා අවම කාන්තා නියෝජනය නීතිගත වී නොමැති බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

පිවිතුරු හෙළ උරුමය කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීම් පනතින් කොට්ඨාස ලැයිස්තුවේ කාන්තාවන් 10%ක් සහ අතිරේක ලැයිස්තුවේ 50%ක් සිටිය යුතු බවට විධිවිධාන සලසා තිබෙනවා. එහෙත් පනතේ 8 වැනි වගන්තියෙන් 28 වගන්තිය සංශෝධනය කරනවා. එහිදී 8 (2) උප වගන්තියේ "මෙහි මින් මතු.." ලෙස ආරම්භ වුණු කොටස ඉවත් කොට, කාන්තා නියෝජනය පිළිබඳ වන වගන්ති ඇතුළත් කළා. නමුත් 2016 දක්වා පනතේ "මෙහි මින් මතු" කොටස තිබුණා. ඉන්පසුව ඒක ඉවත් කර "යම් පළාත් පාලන ආයතනයක සභිකයන් තෝරා පත්කර..." යනුවෙන් කොටසක් ඇතුළත් කළා.

යුද සමයේදී වගේම පසුවත් ශ්‍රී ලංකාවට ලොකු මෙහෙවරක් කළ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක්. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවේ ඉඳිද්දී ඇමෙරිකානු ආණ්ඩුවෙන් අපූරු දැනුම්දීමක් කරනවා. ඔබ අපේ රටෙන් පිටවීමට හැදුවොත් අපි අත්අඩංගුවට ගන්නවා. තානාපති ධුරයේ කටයුතු කළ සමයේදී මුදල් විශුද්ධිකරණයට ලංකා ආණ්ඩුවෙන් නඟා තිබෙන චෝදනාවට අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් රාජපක්ෂ පාලනයේ රහස් දැනගැනීමට අපත් සමඟ සහයෝගයෙන් කටයුතු කළොත් මේ කරදරය වෙන්නේ නෑ කියලා. ජාලිය මේ ප්‍රකාශයෙන් පුදුම වෙනවා.

2017 ඔක්තෝබර් 27 වැනිදා විදේශ අමාත්‍යාංශයෙන් ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දෙනවා ජාලියගේ තානාපති මුක්තිය ඉවත් කර ඇති බවට. සාමාන්‍යයෙන් ලෝකයේ පෞද්ගලිකව අපරාධ කළ හෝ මාර්ග නීති කඩ කළ අයට තානාපති මුක්තිය ඉවත් කර තිබෙනවා. නමුත් නිල මට්ටමේ ක්‍රියාවක් සඳහා තානාපතිවරයකුගේ මුක්තිය ඉවත් කළ ලෝකයේ පළමු අවස්ථාව මෙයයි.
මේ අනුව දැන් බලපාන පනතේ අවම කාන්තා නියෝජනයට අදාළ කොටස නෑ. වැරැද්ද වෙලා තියෙන්නේ ඉංගී්‍රසි පිටපත සිංහලට පරිවර්තනය කිරීමේදීය. හැබැයි නීතිය බලාත්මක වෙද්දී අදාළ වෙන්නේ සිංහල පිටපත නිසා මේක නීතිගත වෙලා නෑ කියලා මම වගකීමෙන් කියනවා. නිශ්චිත කාන්තා නියෝජනය නෑ කියලා පොදුජන පෙරමුණේ මහරගම හා මහියංගණය නාම යෝජනා ප්‍රතික්ෂේප කළා. නීති පොතේ අවම කාන්තා නියෝජනයක් නැත්තම් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමත් නීති විරෝධීයි. මේ ගැන අපි අධිකරණයට කරුණු කියන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

මේ අනුව ඉදිරියේදී රට වෙනුවෙන් සෘජු තීරණ ගන්න අපේ තානාපතිවරු බය වෙනවා. තානාපති මුක්තිය ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය ඉවත් කළ මේ අසාධාරණය අතිගරු ජනාධිපතිතුමනි, ඔබේ අවධානය පිණිසයි කියලා තමයි අපි කියන්නේ.
මෙහිදී මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්නවලටද උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් දෙන්නේ නෑ කියන එක. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ..?
පාර්ලිමේන්තුව එදා හිතලා තියෙනවා අනාගතයේ දවසක ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය 5ක්ද 6ක්ද කියලා සැක ඇතිවෙන්ඩ ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ සැකය දුරු කරන්න අවශ්‍යයි කියලා එදා හිතලා තියෙනවා. අනෙක තමයි මැතිවරණ ප්‍රචාරණ කාලයේදී මැති ඇමැතිවරුන්ටත් ඒ සැකය ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම සැකෙන් ඉන්න දෙන්න හොඳ නෑ කියලා හිතපු නිසා පාර්ලිමේන්තුව විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ (49) (1) වගන්තියේ ඔය ගැන "සැක දුරු කිරීම පිණිසයි" කියලා සඳහනක් ඇතුළත් කරලා තියෙනවා. අපි කලිනුත් කිව්වා අවුරුදු 5යි කියලා. හැබැයි පාර්ලිමේන්තුවට අවුරුදු 6ක් තියෙනවා කියලත් ඒ වගන්තියේ තියෙනවා. ඕක දැනගන්න කරුණු විමසන්න අවශ්‍ය නෑ. ව්‍යවස්ථාව බැලුවා නම් අමුවෙන්ම තියෙනවා.

හැබැයි නීතිපතිතුමා කිව්වා අවුරුදු 6ක් ජනපතිට ඉන්න පුළුවන් කිව්වා.
මත්පැන් අලෙවිය සම්බන්ධ ගැසට් දෙක ජනපති අවලංගු කළා
ඒ නීතිය ජනපතිට අවලංගු කරන්න බෑ. ඒක කරන්න ඕනේ මුදල් අමාත්‍යවරයාමයි. දැන් ඇමැති මාරු කරන්නත් බෑ. අගමැති ඒකටත් එකඟ වෙන්න ඕනේ. ජනපතිට එක දෙයක් කළ හැකියි. ඒ සුරාබදු දෙපාර්තමේන්තුව තමන් යටතට පවරානෙ ඒක අවලංගු කරන්න පුළුවන්. ඒ ඉඟිය ද ජනපති දුන්නේ කියලා අපිට හිතෙනවා. හැබැයි ඒක නම් වෙන්න යන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව ජනපති ගැනීම කාලෝචිත තීරණයක්.

ජනවාරි 10 වැනිදා අපි පාර්ලිමේන්තුවට ගියේ එහි පිටපතක් ගන්නයි. අපිට දුන්නේ නෑ. කතානායක අපිට පොරොන්දු වුණා ජනවාරි 17 වැනිදා වනවිට දෙනවා කියලා. අද ජනවාරි 15. ජනවාරි 17 වැනිදා දෙනවා නම් පාර්ලිමේන්තුවට එන්න කියලා අපිට දැනුම් දෙන්න ඕන. අපිට අද වෙනකල් කැඳවීමක් නෑ. මන්ත්‍රිවරුන්ට නැතිවුණාට එහි චූදිතයකු වන රවි කරුණානායක කියනවා පිටපතක් ලැබුණා කියලා. එයා කියනවා මේක ප්‍රසිද්ධ කරන්න බැරි වැරැදි ගොඩක් තියෙනවලු. එතකොට එයා මේකෙ වැරැදි හදලා දුන්නට පස්සෙද මේක ප්‍රසිද්ධ කරන්නේ. රජ කාලේ කිව්වේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. මේක හොරාගෙන්ම පේන අහලා.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon