කෑගල්ල ශාන්ත මරියා විදුහලට දරුවන් 7ක් ඇතුළත් කර නොගැනීම නිසා මවුපියෝ සාමකාමී උද්ඝෝෂණයක

  👤  3162 readers have read this article !
By mawbima 2018-01-16

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල ශාන්ත මරියා පිරිමි මහා විද්‍යාලයට අසල්වැසි පාසල් දරුවන් 7 දෙනකු 2018 නව වර්ෂය සඳහා පාසලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් දරුවන් 7 දෙනා සමඟ මවුපියන් ඊයේ 15දා පෙරවරුවේ විද්‍යාලයේ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිතර විය.
කෑගල්ල ශාන්ත මරියා පිරිමි මහා විද්‍යාලයට මීටර් එකසිය පනහක් දෙසීයක් දුරින් මේ දරුවන් පදිංචිව සිටින අතර එම දරුවන්ගේ පියාගේ නමින් ඉඩමේ ඔප්පුව නොමැති අතර ඔප්පුව ඇත්තේ ඔවුන්ගේ සීයාගේ නමින් බව එහිදී අනාවරණය විය.

සීයාගේ නමින් ඉඩමේ ඔප්පුව ඇති නිසා මේ දරුවන් 7 දෙනා පාසලට භාර ගැනීම විදුහල්පතිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ඊයේ (15දා) නව වර්ෂය සඳහා දිවයින පුරා සියලු පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු කෙරුණද කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයේ පමණක් මේ දරුවන් 7 දෙනා භාර නොගැනීම සම්බන්ධයෙන් විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව පියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පතිනි හේමා වික්‍රමරත්න මහත්මියගෙන් අප විමසූ විට කියා සිටියේ අධ්‍යාපන චක්‍රලේඛයට අනුව 2018 වර්ෂය සඳහා නව සිසුන් බඳවා ගත් බවත් මේ දරුවන් 7 දෙනා සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් ලබා දුන හොත් එම දරුවන් ද විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon