‘විමුක්ති කොටි’ යන්න භාවිත කිරීම තහනම් කර තිබියදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදා ගනිමින් දේශපාලන කටයුතුවල යෙදෙනවා

  👤  3244 readers have read this article !
By mawbima 2018-01-16

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පළාත් පාලන මැතිවරණයේදී "විමුක්ති කොටි" යන්න භාවිත කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් තහනම් කොට තිබියදී දෙමළ ජාතික සන්ධානයට සහාය දක්වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් එම වචන භාවිත කරමින් උතුරේ දේශපාලන කටයුතුවල නිරත වන බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඔහු ඒ බව පැවැසුවේ යාපනයේ පිහිටි දෙමළ ජාතික විමුක්ති සන්ධානය (ඊව්ඹ්ඒ) විසින් එම පක්ෂ කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එක්ව දෙමළ ජාතික සන්ධානයට (ඊව්ඒ) එරෙහිව පිහිටුවන ලද දෙමළ විමුක්ති සන්ධානය (ඊඹ්ඒ) මේ වනවිට දෙමළ ජාතික විමුක්ති සන්ධානය (ඊව්ඹ්ඒ) වශයෙන් භාවිත කරනු ලබයි.

මේ නව සන්ධානයේ භාවිතය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකොට ඇතත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය වශයෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොමැතිව තිබියදී ඔවුන් ඒ නාමය භාවිත කරමින් දේශපාලන කටයුතුවල නිරත වන්නේ නම් තම සන්ධානයටද දැනට ඔවුන් භාවිත කරන නාමය යොදා ගනිමින් දේශපාලන කටයුතුවල නිරත විය හැකි බවයි.

තම සන්ධානය කිසිවිටෙකත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ගේ සහාය හෝ ඔවුන්ගේ නාම හෝ විමුක්තිකාමීන් යන වචනය හෝ යොදා නොගන්නා බැවින් මේ සියලු තහංචි අයත් වන්නේ දෙමළ ජාතික සන්ධානයට පමණක් බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon