අතුරුදන් වූවන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැතැයි කියමින් වවුනියාවේ විරෝධතාවක්

  👤  3241 readers have read this article !
By mawbima 2018-01-16

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ
මඩුකන්ද - දීපාල් බණ්ඩාර

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන දෙමළ ජාතික සන්ධානය අතුරුදන් වූවන් වෙනුවෙන් කිසිදු හඬක් නොනඟන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයට දැඩි විරෝධය පාමින් වවුනියාවේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.
අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුමක් ඉල්ලා වවුනියාවේදී සිදුකෙරෙන සත්‍යග්‍රහයට අදට දින 326ක් සපිරේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට මේ විරෝධතාව සංවිධානය කොට තිබිණි.
විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ,

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවසක්ති ආනන්දන් මහතා හැරෙන්නට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් හෝ කිසිදු නායකයෙක් අතුරුදන් වූවන් වෙනුවෙන් කිසිදු හඬක් නොනඟන හෙයින් ඔවුන් සියලුදෙනා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කරන බවටත් ඔවුන් දෙමළ ජනතාව රැවටීමක් සිදුකරමින් සිටින බවටත්ය.

විරෝධතාවයේ යෙදුණු අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගේ කටවල් වහන ලද බැනරයක්ද ප්‍රදර්ශනය කරමින් විරෝධතාව සංවිධානය කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon