කුළල් කා ගන්නා ආණ්ඩුවකට රටක් පාලනය කරන්න බැහැ

  👤  3198 readers have read this article !
By mawbima 2018-01-16

වත්මන් ආණ්ඩුවේ සිටින බොහෝ පිරිස් මේ වනවිට කුළල් කාගන්නා තත්ත්වයකට පවත්වී ඇති බවත්, කුළල් කාගන්නා පිරිසකට රටක් පාලනය කළ නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ, යළිත් අපි රට හදමු තේමාවෙන් පෙරේදා (14දා) පානදුර නගරයේදී පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජන රැලියට එක්වෙමිනි. මෙම ජනරැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
"සමහර ඇමැතිලා කියනවා මේ ආණ්ඩුව පාණ්ඩු ආණ්ඩුවක් කියලා. ජනාධිපති කියනවා මේ ආණ්ඩුව කුණු කන්දක් කියලා. කවුද ඉතින් කුණු කඳු ඇති කළේ. ජනාධිපතිතුමා දැන ගන්න ඕනේ බල්ලොත් එක්ක නිදා ගත්තහම මැක්කෝ වහනවා කියලා.
අද ඉන්න ජනාධිපති පට්ටපල් බොරු කියනවා මං ගැන. පච ඇදබාලා ලස්සනට කතා කරනවා. එයා ඉතින් හොඳ කතිකයා. අපේ කාලේත් ආප්ප කාලා ඇවිදින් දැන් බොරු කියනවා.

පරිසර ඇමැති ජනාධිපති. එයාගේ මන්දිරයේ තිබිච්ච නුග ගස කපලා දැම්මා. ඒක කැපුවේ අපිද? මෙහෙමද පරිසරය රකින්නේ? ජීවන වියදම ගැන අද ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය බරපතළයි. අද කීයද පොල්. අද කන හාල් පිටරටින් ගෙන්නනවා. පොහොර එනකනුත් බලාගෙන ඉන්නවා වරායට වෙලා.
නැව් එනකම් බලාගෙන ඉන්නවා හැර වෙන දෙයක් කරන්න වෙන්නෑ ජනාධිපතිට.
ඒවාට හවුල්කාරයොත් ඉන්නවා. ඒ තමා රනිල් මහත්මයා. එයා බිග් මැච් එක දවසේ කොල්ලෝ කෑගහනවා වගේ එදා පාර්ලිමේන්තුවේදී කෑ ගැහුවේ.
රනිල් වික්‍රමසිංහ අයිරංගනී නෝනා එක්ක නටනකොට ඒ නෝනගේ මාලේ නැතිවෙලා කියලා ෆේස්බුක් එකේ දාලා තියෙනවා මම දැක්කා.
අද චීනයට වරාය විකුණලා මිලියන ගණන් හම්බවුණාලු. අර ගල තිබුණු තැනින්ද දන්නෑ ඒ සල්ලි හම්බවුණේ. මේ වරාය විකුණන්න යොදා ගත්තේ කවුද? ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෙනෙක්. අද මත්තල ගුවන්තොටුපොළ විකුණන්නෙත් ශ්‍රී ලංකාකාරයෙක්. උඩ පැන පැන රටේ සම්පත් විකුණලා ඇවිදින් වීරයෝ වගේ කතා කරනවා.
අද හැමෝම මගේ පින්තූරය ගහ ගන්නවා. නමුත්, මේ පින්තූරය අයිති පොහොට්ටුවට. 10 වැනිදාට ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න.
පොදුජන පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
අවුරුදු 4න් ගෙදර යනවා කියපු සිරිසේන මහත්මයා දැන් තවත් කල් බලයේ ඉන්න හදන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නාමයෙන් අපේ රටට ප්‍රතිඥාවක් දුන්නා කිව්වා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. නමුත් දැන් එහෙම අහෝසි කරන තත්ත්වයක් නෙමෙයි පෙනෙන්නට තිබෙන්නේ.
මේ ආණ්ඩුව මීතොටමුල්ලේ කුණු කන්ද වගේ කියලා සිරිසේන මහත්මයා කියනවා. ඒක සම්පූර්ණ ඇත්ත. ජනතාවගේ සල්ලි පික්පොකට් ගැහුවා සිරිසේන මහත්මයයි, රනිල් මහත්මයයි. අපි අහනවා මහ බැංකු අධිපති පත්කළේ කවුද කියලා? එයාව පත්කළේ සිරිසේන ජනාධිපතිතුමයි. දැන් සිරිසේන මහත්මයා කතා කරනවා කඩුවක් ගැන. මේ සියලු දේවල්වලට වග කියන්න ඕනෙ සිරිසේන මහත්මයායි.

මේ හොර නඩේ එළවන්නට 10 වැනිදා පොහොට්ටුවට ඡන්දය ලබා දෙන්න. මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොහොට්ටුවට පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්‍ෂයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර
1994 අපි නායිකාවක් පත් කළා. එයා අපේ රට කෑවා. අද එයා යූ.එන්.පී. එකත් එක්ක පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවක් හදන්න මුල් වුණේ එයා. මේ රට අධිරාජ්‍යවාදී පාලනයකට නතුකරපු එකට එයා වගකියන්න ඕනේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන

යහපාලන ආණ්ඩුවේ වයස අවුරුදු 3යි දවස් 6යි දැන්. යහපාලන නඩය කියපු බොරු දැන් අපිටත් අමතකයි. දැන් හංසයාට කොටපු අයට සැප ඇති. ලක්‍ෂ 23කට තිබුණු කාරෙක ලක්‍ෂ 50ක් විතර වෙනවා. එදා කාර් ගන්ඩ ඕනේ කියලා ඊඍ ඒකේ හිටපු නංගිව මම තාම හොයනවා තෙමිලද බලන්න. වික්‍රමසිංහ මහත්මයා කිව්වා එඪජ්ඪ නොමිලේ දෙනවා කියලා. කොල්ලෝ, කෙල්ලෝ ඉතින් හංසයට කතිරේ ගැහුවා. කෝ ඒවා හම්බවුණාද
මහා සංඝරත්නය 61 නමක් හිරේ දාපු එකම ආණ්ඩුව මේක. ඒ අලි ළඟ තියා ගත්තා කියලා. සඟ පරපුරට ගැහුවේ එහෙමයි. එතකොට වෙද කට්ටියට සැලකුවා හොඳට දත් ‍ෙදාස්තරයා. එතකොට ගුරු අයට කොහොමද සැලකුවේ ගුරුවරියෝ භාරදීලා තියෙන්නේ අකිල බබාට. එයා කිව්වා ටැබ් දෙනවා කියලා.
නමුත් දුන්නු ටැබ් එකක් නෑ. හැබැයි රනිල් බබා අකිල බබාගේ ටැබ් එකනම් ඔබන විත්තිය අපි දන්නවා.
එතකොට ගොවියන්ට මොකද කරලා තිබෙන්නේ. ගොවියෝ අද නැව් එනකම් බලාගෙන ඉන්නවා. කම්කරුවන්ට අද ගහනවා. රණවිරුවන්ට මේ ආණ්ඩුව ගැහුවා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සේරටම මේ ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ ආණ්ඩුව ගැහුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
ජනවාරි 08ට කියන්නේ ගොනාට ඇඳ ගත්ත වුන්ගේ දිනයයි. පෙබරවාරි 10 කියන්නේ ඒ ඇඳුම් උනාදමන දවසයි. මේ ජූතක බමුණු දෙන්නා රට භාර අරගෙන අදට අවුරුදු 3යි. තමන්ගේ විරෝධය පෙබරවාරි 10 වැනිදාට කතිරයකින් ප්‍රකාශ කරන්න ඕන.

ප්‍රභාකරන් අද හිටියානම් මේ දෙන්නව කිචිකවලයි පිඹලයි මරන්නේ. අද කියනවා ජාත්‍යන්තරය දිනා ගත්තා කියලා. ට්ඉර්ථී ප්ලස් එකටත් කෙළවෙලා තියන්නේ අද. හැබැයි කියනවා ජාත්‍යන්තර දිනාගත්තාලු. ඔව් ඉතින් මහ රැජන අත්මේස් නැතුව අත ඉම්බණේ ඒ මදෑ.
අද පොහොරවලිනුත් ගහනවා කෘෂිකර්ම ඇමැති. පොහොරවලින් හොරා කන ඇමැතියට ජනාධිපතිතුමනි, කෝ ගන්ඩ කඩුව! කඩුව නෙමෙයි ගන්නේ කොපුව.
දවස් 20න් මහ බැංකුව ශුද්ධ කළා. අද හොරු ඔක්කෝම අහුවෙලා. අද නැට්ටේ ඉඳන් ගොම සේරගේම. ලෝකේ කිසිම අගමැති කෙනෙක් මෙහෙම ටභද දීලා නැහැ. මරු අගමැති. නොමේරූ ළදරු ඒකකයට ඇතුළු කරන්න ඕනේ අගමැතිව. එයා කව්ද හොරා කිය කියා කෑගැහුවා පාර්ලිමේන්තුවේදී. අපි ආවේ බැඳුම්කර වාර්තාව පිළිබඳව සංවාද කරන්න එදා. ඒත් අගමැති එදා ෆන් එකක් දුන්නා පාර්ලිමේන්තුවේ කවුද හොරා කවුද හොරා කිය කියා.

අද වරාය විකුණලා චීනෙට. සම්පත් විකුණන්ඩ රටට පාලකයෝ අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයා රටේ සම්පත් විකුණුවේ නැහැ. රටට සම්පත් ගෙනාවා.
8 වැනිදා පැරදුණේ මහින්ද මහත්තයා නෙමෙයි මේ රටයි. ඒ රට ආරක්‍ෂා කරගන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න. අද ජ.වි.පෙ. කියනවා මේක හරක් ආණ්ඩුවක් කියලා. හරක් ආණ්ඩුවක් හදන්න සහයෝගය දුන්නු හරක් තමයි රතු අලි පැටව්. මේ විනාශයන්වලට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ රතු අලි පැටව්.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම
ගැසට් ගහපු ජනාධිපතිම කියනවා ගැසට් අයින් කරගන්නවා කියලා. මෙහෙම නායකයෝ එක්ක වැඩ කරන්න පුළුවන්ද? සිරිසේන මහත්මයා කිව්වා ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. දැන් අවුරුදු 6ක් ඉන්න හදනවා.

සිනමා නිළි අනූෂා දමයන්ති
මේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ යහපාලන ආණ්ඩුව. ඒක නවත්වන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට පමණයි. ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න කියලා අපි ඔබතුමාලගෙන් ඉල්ලනවා. 2015 වෙච්ච වැරැද්ද ඔබ නැවත නිවැරැදි කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
මංගලගේ අය-වැය නීල හරිත අය-වැයක් වෙනුවට බියර් සහිත අය-වැයක් බවට පත්වුණා.

එදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා හැසිරුණේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ. හොරා හොරා කියලා එදා රනිල් මහත්තයා කෑ ගැහුවට කවුද හොරා කියලා කවුරුත් දන්නවා.
බැඳුම්කර හොරුන්ට ශාප වේවා කියලා පෙබරවාරි 10 වැනිදාට කතිරය ගහන්න කියලා අපි කියනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, බණ්ඩාරගම - ජීවන් ඉලංගගේ
ඡායා- අඛිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon