මීරිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලනිප විපක්ෂ නායක 'ජනසෙත පෙරමුණට'

  👤  3398 readers have read this article !
By mawbima 2018-01-16

කැලණිය -
කුසුම් එස්. හැන්නදි

මීරිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ නායක ලෙසත් ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයකු ලෙසත් පුරා වසර 20කට අධික කාලයක් ප්‍රදේශයේ ජනතාවට සේවයක් ඉටුකළ එස්. දෙනෙත්ති මහතා පසුගියදා ජනසෙත පෙරමුණට එක්විය.

තමන් 20 වසරක් පුරා දර දිය ඇද්ද නමුත් දිනෙන් දින පක්ෂයේ ගමන්මඟ වෙනස් වෙමින් කලකිරීමට පත් වූ බවත් දෙක තුනට කැඩුණු අසමඟියෙන් පිරුණු එම පක්ෂයට ඉදිරි ගමනක් දක්නට නොමැති නිසා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් ජනසෙත පෙරමුණට එක්වූ බවත් දෙනෙත්ති මහතා පැවැසීය.
ජනසෙත පෙරමුණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවට සේවයක් ඉටු කරන බව අවංකවම දක්නට ඇති බැවින් මෙලෙස එම පක්ෂයට මින් ඉදිරියට සහාය දෙන බවත් දෙනෙත්ති මහතා පැවැසීය.

මීරිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද දෙනෙත්ති මහතා සමඟ ජනසෙත පෙරමුණට සහාය දීමට එම අවස්ථාවේදී සාමාජිකත්වය ලබා ගත්හ. මීරිගම ආසනයේ ජනසෙත පෙරමුණේ මැතිවරණ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස දෙනෙත්ති මහතා පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon