බැඳුම්කර කොමිසමේ නිර්දේශවලට අනුව ඉදිරියේදී මහ බැංකුවේ වෙනස්කම් රැසක්

  👤  3076 readers have read this article !
By mawbima 2018-01-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවලට අනුව මහ බැංකුවේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා බව රාජ්‍ය ආර්ථික හා ප්‍රතිපත්ති කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා "මව්බිම"ට පැවැසීය.
මේ වන විට මූල්‍ය පාලනයේ වගකීම පාර්ලිමේන්තුව සතු වන බැවින් මූල්‍ය පනත පිළිබඳව නැවත සමාලෝචනයක් හෝ සංශෝධනයක් කළ යුතු බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව පැවැසූ හෙතෙම ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව "මව්බිම" කළ විමසීමකදීය.

"රටක මූල්‍ය පාලනය සම්බන්ධයෙන් මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා වැදගත් ආයතන දෙකක් වෙනවා. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවත් සමඟ මෙරට මහ බැංකුවේ ව්‍යුහය සම්බන්ධයෙන් අපි ප්‍රධාන කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අනුව මහ බැංකුවේ පරම බලය, එය පාලනය කළ යුත්තේ කොතැනින්ද එහි අධිපතිවරයාගේ පත්වීම සිදුවන්නේ කෙසේද? වෙනත් රටවල මෙන් මේ ආයතනය ස්වාධීන ආයතනයක් කළ යුතු බව, මේ වන විට මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකිව යුතු වන බැවින් එම අවස්ථාවන් සංශෝධනය කරමින් මහ බැංකුවේ "වගවීම" ශක්තිමත් කිරීම සඳහා ලෝකයේ සෙසු රටවල මහ බැංකු ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන්් අධ්‍යයනය කරමින් එම මහ බැංකු සමඟින් සම්බන්ධතා පවත්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගෙන මහ බැංකුවේ වගවීම, වගකීම, පාලනය යනාදිය නැවැත සංශෝධනය කිරීම සඳහා පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොමිෂන් සභා නිර්දේශයන්ට අනුව ලැබී තිබෙන සාක්ෂි විභාග කර කඩිනමින් නීතිය ක්‍රියාත්මක වනු දැකීම තමන්ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon