එජාපය වතු කම්කරුවන්ගේ අර්ථසාධකයත් පික් පොකට් ගැහුවා

  👤  3379 readers have read this article !
By mawbima 2018-01-16

එක්සත් ජාතික පක්ෂය වතු කම්කරුවන්ගේ අර්ථසාධකය පවා හොරකම් කර ඇතැයි බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හාලිඇළ පැවැති ජනහමුවකදී පැවැසීය.
දැන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට සහාය දුන් පක්ෂය බැඳුම්කර කොමිසම මඟින් හොරුන් බවට පත්කර ඇතැයි යන්න බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අනෙක් පසින් ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අයද චෝදනා කරන්නේ ඔවුන්ට විරුද්ධවත් කොමිසමක් පත්කර ඔවුන්ද හොරුන් බවට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව යැයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව කොළ, නිල් යන භේදයකින් තොරව ජනාධිපතිවරයා හොරු ඇල්ලීම ආරම්භ කර ඇති හෙයින් ජනතාවගේ තේරීම විය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon