ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්‍ෂ වැඩ අරඹයි

  👤  3352 readers have read this article !
By mawbima 2018-01-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත්කර ඇති ආචාර්ය කීර්ති බණ්ඩාර කොටගම මහතා පසුගියදා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි රක්‍ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී සිය තනතුරේ කටයුතු ආරම්භ කළේය.

කෘෂි ව්‍යාපාර කළමනාකරණ
ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය කොටගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ තායිලන්තයේ ආසියානු තාක්‍ෂණ ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ඇත.

ආචාර්ය කීර්ති බණ්ඩාර කොටගම මහතා සුබ මොහොතින් සිය තනතුරේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්. සිරිල්, මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.පී.එම්.බී. අතපත්තු, කෘෂි විශේෂඥ වෛද්‍ය සිල්වා යන මහත්වරු සමඟ ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව...

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon