ජාතික ගැටලුවට ස්වයං නිර්ණ අයිතිය ලැබෙන තිරසර විසඳුමක් ලැබිය යුතුයි

  👤  3362 readers have read this article !
By mawbima 2018-01-16

ලක්ෂ්මී ජයකොඩි

දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවී පවතින තුවාලයක් ලෙස දක්නට ලැබෙන මෙරට ජාතික ගැටලුවට ස්වයං නිර්ණය අයිතිය ලැබෙන ස්වනිර්ණය බලතල හිමිවන තිරසර විසඳුමක් මේ වසර ඇතුළත ලැබිය යුතු බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා රජයට බල කරයි.
මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කොට ඇත.
එම විශේෂ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

තෛ (ජනවාරි) මාසය උදාවීමත් සමඟම එම වර්ෂය තුළ බොහෝ අපේක්ෂාවන් දමිළ ජනතා සිත් තුළ ජනිත වේ. එම ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබාගැනීමයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සනීප නොවන තුවාලයක් බවට පත්වී තිබෙන ජාතික ප්‍රශ්නයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් විසඳුමක් සොයා ගැනීමේ උත්සාහයේ ආරම්භයක් පසුගිය වර්ෂයේදී ආරම්භ වූ අතර අප විසින් සාකච්ඡාවට භාජන කළ හැකි බොහෝ කරුණු ද ඊට අන්තර්ගත වී තිබිණි.
මේ වර්ෂයේදී ප්‍රමාද නොවී ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තවදුරටත් යහපත් යෝජනා ඊට ඇතුළත් කර සියලුම ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂාවන, ඔවුන්ගේ අභ්‍යන්තර ස්වයං පාලන අයිතිය පිළිගන්නා දීර්ඝ කාලීන පැවැත්මක් ඇති ස්වයං පාලනයක් සහිත ස්ථිරසාර විසඳුමක් ලබාදීම තුළින් අවංක අවබෝධයත්, ජාතීන් අතර සංහිදියාවත්, සමඟියත් ඇති කිරීමට අවස්ථාව උදාවේවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon