ජ.වි.පෙ. කාර්යාලයකට ප්‍රහාරයක්

  👤  3241 readers have read this article !
By mawbima 2018-01-16

මැල්සිරිපුර - කළුගමුව, ගොකරැල්ල - සුනිල් එස්. පැල්ලන්දෙණිය

මැල්සිරිපුර - කළුගමුව ප්‍රදේශයේ පිහිටුවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ඊයේ (15දා) අලුයම කිසියම් පිරිසක් විසින් පහරදී අලාභහානි කර ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරගවදින අපේක්ෂකයකුට අයත් මෙම ප්‍රචාරක කාර්යාලයේ තිබූ කටවුට් හා කොඩි කණු රැසක් කඩා බිඳදමා ඇති අතර කටවුට්වලින් කපා දැමූ අපේක්ෂකයාගේ මුහුණු කොටස් කාර්යාලය ඉදිරිපිට මහ පාරේ දමා ගොස් තිබියදී හමුවී තිබේ.
පහරදීම සිදුවන අවස්ථාවේ කාර්යාලය තුළ කිසිවකු රැඳී සිට නොමැති හෙයින් පුද්ගල හානි කිසිවක් සිදුව නැත.
තම බල ප්‍රදේශය තුළ මෙතෙක් වෙනත් කිසිදු කාර්යාලයකට මෙවැනි පහරදීමක් සිදුවී නැති බවත් එබැවින් මෙම නිහීන පහරදීම තරයේ හෙළා දකින බවත් ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා කියයි.
සිද්ධිය පිළිබඳව ගොකරැල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon