අධ්‍යාපනයේ වේගවත් වෙනස්වීම් නිසා සමහරුන්ගේ හිත් රිදෙන්න පුළුවන්

  👤  3506 readers have read this article !
By mawbima 2018-01-16

දයා පෙරේරා

"අනාගත ලෝකයට අවශ්‍ය වන පරිදි අධ්‍යාපනයේ වෙනස්කම් වේගයෙන් සිදුකරගෙන යනවා. මේ වේගවත් වෙනස්වීම් නිසා සමහරුන්ගේ හිත් රිදෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ" යි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.
"මේ රටේ මෙන්ම ලෝකයේ අනාගත රැකියා වෙළෙඳපොළ දෙස බලා ඒ සඳහා අවශ්‍ය වන දැනුමෙන් සම්පූර්ණ දරු පිරිසක් බිහිකරන ආකාරයට අධ්‍යාපනයෙන් මේ වෙනස්කම් සිදුකරගෙන යනවා" යැයිද ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා එසේ කීවේ 2018 වර්ෂය සඳහා පළමුවන ශේ්‍රණියට දරුවන් ඇතුළත් කර ගැනීම නිමිත්තෙන් කොළඹ ඉසිපතන විදුහලේදී ඊයේ (15දා) පෙරවරුවේ පැවැති ජාතික මහෝත්සවය අමතමිනි.

මේ වර්ෂයේ පළමු වැනි ශේ්‍රණියට ඇතුළත් වන දරුවන් වසර දහතුනක අඛණ්ඩ අධ්‍යාපනය නිමකරන්නේ 2030 වසරේදීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වුණත් උසස් පෙළට ඇතුළත් වී අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වෘත්තීය
විෂයයන් 26ක් හඳුන්වා දී තිබෙනවා. දැන් මේ දහතුන වසරේ අඛණ්ඩ ඉගැන්වීම පාසල් 42ක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකයි. මේ
විෂයයන් ඉගැන්වීමට බඳවා ගත් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් දී තිබෙනවා. වැඩපිළිවෙළ පුළුල් කිරීම පිණිස මේ වසරට ගුරුවරුන් 1200ක් බඳවා ගන්නවා.
අද පාසලට ඇතුළත් වන දරුවා 2030 දී පාසලෙන් පිටවන විට අනාගත ලෝකයේ කුමන රැකියා තිබේදැයි කියන්න බැහැ. ඒ රැකියා කුමන නමින් හඳුන්වයිද කියා කිව නොහැකිය. අද තිබෙන රැකියාවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් අනාගතයේදී වෙනස් වෙනවා. ඒ නිසා අනාගතයේදී කරන්න තියෙන රැකියා මොනවා විය හැකිදැයි කවුරුත් දන්නෙ නැහැ.

"කොඩැක්" සමාගම අනාගත ඩිජිටල් තාක්ෂණය ගැන අවබෝධයෙන් කටයුතු කළේ නැහැ. ඩිජිටල් තාක්ෂණය නිසා දළ සේයාපට ක්‍රමය නැතිවුණා. ඒ නිසා කොඩැක් දළ සේයාපට සමාගම වසා දැම්මා. දසදහස් ගණනකගේ රැකියා අහිමිවුණා. අනාගත රැකියා ගැන අවබෝධයෙන් කටයුතු නොකළහොත් සිදුවන දේ ගැන හොඳ උදාහරණයක් වශයෙන් එය හඳුන්වන්න පුළුවන්.

අවුරුදු දහතුනකට පසු එනම් 2030දී ඇතිවිය හැකි වෙනස්කම් ගැන පර්යේෂණ, ගවේෂණ සිදුකිරීමටත් ඒ අනුව අධ්‍යාපනයේ ඇති කළ යුතු වෙනස්කම් කිරීම සඳහාත් ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දී තිබෙනවා. දැන් ඒ වෙනස්කම් සිදුකරමින් යනවා.
පළමු හා දෙවැනි ශේ්‍රණිවල දරුවන්ට ඉංගී්‍රසි දැනුම ලබාදීම සඳහා ඉංගී්‍රසි වැඩ පොතක් ප්‍රථම වරට මේ වර්ෂයේ පටන් ලබාදෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon