මේ වසරේදී දුම්රිය එන්ජින් 9ක් හා මැදිරි චීනයෙන් ගෙන්වනවා

  👤  3423 readers have read this article !
By mawbima 2018-01-16

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 12ක ව්‍යාපෘතියක් මෙම වසරේ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ නවීන පහසුකම් සහිත දුම්රිය එන්ජින් 9ක් හා මැදිරි චීනයෙන් ආනයනය කෙරෙන අතර වායු සමීකරණය කරන ලද මෙම මැදිරිවල දුම්රියේ ඊළඟ නැවතම හා එහි ළඟාවන වේලාව ප්‍රදර්ශනය කෙරේ. එම එන්ජින් හා මැදිරි ලබන නොවැම්බරයේ මෙරටට ගෙන ඒමට නියමිතය.

මීට අමතරව තවත් දුම්රිය එන්ජින් 12ක් ඉන්ධන ප්‍රවාහන ගැල් 30ක්, කන්ටේනර් වැගන් 20ක්, මැදිරි 150ක් ඇමෙරිකානු සමාගමකින් මිලට ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි. මේ සඳහා රුපියල් බිලියන 7ක් වැය වන අතර දැනට වඩා කාර්යක්ෂම දුම්රිය සේවාවක් මෙමඟින් ඉටුකළ හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon