බෙදුම්වාදී ගීත හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත භාවිත කරන බවට තොරතුරු ලැබී තිබෙනවා

  👤  3368 readers have read this article !
By mawbima 2018-01-16

ජේ.ටී. ද සිල්වා ,උපතිස්ස පෙරේරා

උතුරේ ඇතැම් ඡන්ද අපේක්ෂකයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා බෙදුම්වාදී ගීත හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් ගීත භාවිත කරන බවට තොරතුරු ලැබී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී උතුරු පළාත වෙනුවෙන් විවිධ පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා ඉකුත් සෙනසුරාදා (13දා) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකදී තෙන්නකෝන් මහතා මේ බව අනාවරණය කළේය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බෙදුම්වාදී ගීත හෝ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ ගීත හෝ ප්‍රකාශ යොදා ගැනීම මැතිවරණ නීති පමණක් නොව රටේ නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන් විධායක අධ්‍යක්ෂවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස ලැබී ඇති මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජනතාව අපේක්ෂා කරන නියෝජිතයන් තෝරා ගැනීමට පසුබිම සකසන ලෙසද සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ඉල්ලීමක් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon