බැඳුම්කර වංචාව හෙළි නොකොට මේ ආණ්ඩුවට අඩියක්වත් ඉදිරියට යන්න බෑ

  👤  3242 readers have read this article !
By mawbima 2018-01-16

හර්ෂනී අර්සකුලරත්න

ලෝකයේ සිදුවුණු දැවැන්තම හොරකම වන මෙරට මහ බැංකු බැඳුම්කර වංචාව හෙළි නොකොට මේ ආණ්ඩුවට අඩියක්වත් ඉදිරියට යෑමට නොහැකි බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ දැඩි විමර්ශනාත්මක ප්‍රතිපත්තිය නිසා එ.ජා.පයේ ඇතැමුන් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ විවේචන ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.
කවුරු කෙසේ කීවත් මහ බැංකු වංචාව හෙළි කිරීම ජාතික වගකීමක් සේ සලකා ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ල.නි.ප.ය. ඒ සම්බන්ධව නිවැරැදි තීන්දු තීරණ ගන්නා බවද ඔහු පැවැසුවේය.

එ.ජා.ප.ය. දැන් නිතරම පවසන්නේ බැඳුම්කර වංචාව හැරුණු විට පසුගිය සමයේ දූෂණ වංචා කළ බොහෝ දෙනා ගැන විමර්ශන මේ වන විට සිදු නොවන්නේ යැයි කියා නම් ඊට ඇඟිල්ල අප වෙත දිගු නොකළ යුතු යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

එසේම පසුගිය සමයේ සිදුවුණු බරපතළ මූල්‍ය වංචා ක්‍රියාත්මක නොවීමටත් ඒවාට රැකවරණය දෙන්නේ කවුරුන්දැයි කියාත් ජනාධිපතිවරයාට වඩා හොඳින් චෝදනා නඟන පිරිස්ම දන්නා බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon