වවුනියාවේ ගණදෙවි කෝවිල කඩා රන් ආභරණ හා මුදල් කොල්ලකාලා

  👤  3174 readers have read this article !
By mawbima 2018-01-16

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව, කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි ගණදෙවි කෝවිල කඩා එහි තිබූ රන් ආභරණ හා මුදල් තොගයක් ඊයේ (15දා) අලුයම කොල්ලකා ඇති බවට වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ.

හොරුන් විසින් පැහැරගෙන යන ලද මුදල් හා ස්වර්ණාභරණවල වටිනාකම කොතෙක්දැයි මෙතෙක් ගණන් බලා නොමැත.
කෝවිලේ මුදල් හා ස්වර්ණාභරණ තැන්පත් කොට තිබූ විශේෂ පෙට්ටිය හොරුන් විසින් කෝවිලෙන් ඉවතට රැගෙන ගොස් එහි තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන එම පෙට්ටිය කෝවිල අසල පිහිටි ළිඳ අසල දමා ගොස් තිබේ.

පොලිසිය අදාළ පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර මේ වන විට කුරුමන්කාඩු ගණදෙවි කෝවිලට කිසිවකුටත් ඇතුළුවීම තහනම් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon