යුද හමුදාවත් හිටපු කොටි සාමාජිකයනුත් තෛපොංගල් සමරති

  👤  3369 readers have read this article !
By mawbima 2018-01-16

මුලතිව් ශෂිකුමාර් සහ ඕමන්තේ ශේෂලා අමරසිංහ

වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සඳහා එහි යුද හමුදා නිලධාරීන් විසින් පෙරේදා (14දා) උදෑසන ආගමික වතාවත්වල නිරත වෙමින් තෛපොංගල් සමරනු ලැබීය.

යුද හමුදා සෙබළුන් හා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර සංහිඳියාව ආදර්ශකොට ගනිමින් පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී මේ තෛපොංගල් සැමරුම සිදු කරනු ලැබූ අතර මේ අවස්ථාව සඳහා පුනරුත්ථාපන කඳවුරේ ජේ‍යෂ්ඨ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ද එක් වූහ.

ඊට අමතරව රටට ආශීර්වාද පතා පුනරුත්ථාපන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා යුද හමුදා නිලධාරීන් විසින් වවුනියාව ශ්‍රී නගර් හින්දු කෝවිලේදීද විශේෂ දේව මෙහෙයක් සිදු කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon