විදුහල්පතිනියක් දණගැස්සූ බවට සමන්ත විද්‍යාරත්නගේ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු දානවා

  👤  3263 readers have read this article !
By mawbima 2018-01-16

ආරියරත්න ගනේගොඩ

තමා විදුහල්පතිනියක් දණගැස්සූ බවට පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා විසින් ජනමාධ්‍ය හරහා කළ අසත්‍ය ප්‍රකාශය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් වන ගුරු සංගමයක නිලධාරීන් දෙදෙනෙක් ජනමාධ්‍ය හරහා කළ ප්‍රකාශ මඟින් තමාගේ කීර්ති නාමයට සිදුව ඇති හානියට ඔවුන්ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව උෟව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක 'මව්බිම'ට පැවසීය.

ප්‍රධාන ඇමැතිවරයා මේ පිළිබඳ පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක පිටපත් ලබා ගැනීම සඳහා බදුල්ල පොලිස් අධිකාරි කාර්යාලයට ගොස් සිටි අවස්ථාවේ 'මව්බිම' කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රධාන ඇමැතිවරයා මේ බව කීය.

සමන්ත විද්‍යාරත්න මහතා පවසා ඇති ආකාරයට මහ ඇමැතිවරයා විසින් තමා දණගැස්වීමකට ලක් නොකළ බවත්, එය දේශපාලන වාසි තකා චූදිතයන් කළ අසත්‍ය ප්‍රකාශයක් බවත් අදාළ විදුහල්පතිනිය ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබිණි. ඊට අමතරව එවැනි සිදුවීමක් නොවූ බව එම විදුහල්පතිනිය, උෟව පළාත් අධ්‍යාපන ලේකම්වරිය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනටමත් පොලිසියට ප්‍රකාශ ලබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon