වසර 6ක් ඉන්න බෑ

  👤  3225 readers have read this article !
By mawbima 2018-01-16

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම ධුරයේ රැඳී සිටිය හැකි උපරිම කාලය වසර 05ක් පමණක් බව ශේ්‍රෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත.
වසර 06ක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයේ ව්‍යවස්ථාමය බාධාවක් තමාට ඇත්තේ දැයි විමසා බලා ශේ්‍රෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත්දා අගවිනිසුරුවරයා වෙත විශේෂ විමර්ශන අයැදුම්පතක් ඉදිරිපත් කරනු ලැබීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ හා කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉකුත් 11 වැනි දින එම කරුණු විමර්ශනය සිදුවිය.

එහිදී විවිධ පාර්ශ්ව වෙනුවෙන් ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් රැසක් කරුණු දක්වන ලද අතර නීතිපති ජයන්ත ජයසූරිය මහතා එම කාලය වසර 06ක් බවට කරුණු ඉදිරිපත් කළේය. සෙසු පාර්ශ්ව ඊට එරෙහිව කරුණු දැක්වීය.

එම විමර්ශනය අවසානයේ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යවන ලද ශේ්‍රෂ්ඨාධිකරණ මතය වූයේ ධුර කාලය වසර 05කට සීමා වන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon