ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඇමැති අමරවීරව රැගෙන ගියේ නෑ

  👤  3619 readers have read this article !
By mawbima 2018-01-16

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කිසිදු හෙලිකොප්ටර් යානයක් හෝ ගුවන් යානයක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රැගෙන පලාලි බලා ගුවන් ගමන් වාරයක් නොපැවැත්වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එම්.ඩී.ඒ.ජී. සෙනවිරත්න මහතා සඳහන් කරයි.

ගුවන් ගමන් පාලක වාර්තාවන්හි සටහන් පරිදි අමාත්‍යවරයා සිවිල් ගුවන් ගමන් සේවාවකට අයත් සිවිල් ගුවන් නියමුවකු විසින් පදවන ලද ගුවන් යානයකින් පලාලි ගුවන් තොටුපොළට ගමන් කර නැති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
'පලාලි යන්නට ගිය අමරවීර ලොකු අනතුරකින් බේරෙයි' යන ප්‍රධාන සිරස්තලය යටතේ 'මව්බිම' ඊයේ (15දා) පළ කළ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එවන ලද ලිපියේ මේ බව සඳහන්ය.

සටහන: මෙම පුවතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කිසියම් අපහසුතාවකට පත්වූයේ නම් ඒ ගැන අපේ කනගාටුව පළ කරමු.
අප මේ පුවත පළකළේ මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරියකු ලබාදුන් තොරතුරක් මතයි. මෙම පුවත සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා පෙරේදා (14දා) පස්වරුවේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ජංගම දුරකතන අංකයට ඇමතුම් ලබා ගත්තද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැති බවද මෙහි සඳහන් කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon