එජාප ඡන්ද ප්‍රචාරක වැඩට විශේෂ මෙහෙයුම් කමිටුවක්

  👤  3328 readers have read this article !
By mawbima 2018-01-16

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.
අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ද ආශු මාරසිංහ මන්ත්‍රිවරයා සහ එජාප සන්නිවේදන බළකායේ ප්‍රධානි සුදත් චන්ද්‍රසේකර මහතාද ඇතුළත් මෙම කමිටුව සඳහා විශේෂ කාර්යාලයක් සිරිකොත එජාප මූලස්ථානයේ ස්ථාපිත කොට තිබේ.

පක්ෂයේ ප්‍රචාරක කටයුතු පිළිබඳව දිනපතාම කමිටුව රැස්වී සමාලෝචනය කරන අතර ප්‍රචාරක රැස්වීම් සංවිධානය හා සම්බන්ධ කිරීමද මෙම කමිටුව මඟින් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon