ඒකාබද්ධයේ පක්‍ෂ නායකයෝ අද මහින්ද සමඟ සාකච්ඡාවක්

  👤  3216 readers have read this article !
By mawbima 2018-01-16

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ දේශපාලන පක්‍ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (16දා) දින උදේ 8.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.
වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සාමාජිකයකු 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කෙළේය.

වත්මන් යහපාලන ආණ්ඩුව පාලනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ නියෝජිතයන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිදුකරන දේශපාලනය තුළින් ජනතා ප්‍රශ්න උග්‍ර වී රට ආපස්සට යමින් තිබෙන නිසා රට හමුවේ පවතින ප්‍රශ්න ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන බව එම නියෝජිතයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon