කන්කසන්තුරේ දුම්රියේ එන්ජිමේ ගින්නක්

  👤  3473 readers have read this article !
By mawbima 2018-01-16

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියේ එන්ජිම තුළ චාවකච්චේරි ප්‍රදේශයේදී හදිසියේම ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නත් සමඟම බියට පත් මගීන් සිය ගමන් මලුද රැගෙන දුම්රියෙන් බැස ඇත. ගින්න හටගත් අවස්ථාවේදී විදේශිකයන් පිරිසක්ද දුම්රිය තුළ සිට ඇත.
දුම්රියේ රියැදුරු හා සහායකයා වහාම දුම්රිය ආරක්‍ෂිත ස්ථානයක නවත්වා සිද්ධිය පිළිබඳ දැනුම්දීමෙන් පසු ගිනි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඬ පවත්වා තිබේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ දුම්රිය එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කරයි.

ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම්රිය කන්කසන්තුරේ බලා ගමන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon