කොකේන් කිලෝ 928ක් කටුනායකදී දිය කරයි

  👤  3307 readers have read this article !
By mawbima 2018-01-16

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් 2016 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද බිලියන 16.7ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 928යි ග්‍රෑම් 229හි ප්‍රමාණය විනාශ කිරීම සඳහා දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ පිහිටා ඇති ධ්ව්ඉඡ්ඡ් ඡ්ජධජරජතඥ ආයතන පරිශ්‍රයේදී ඊයේ (15දා) සිදු කෙරිණි.
මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු මෙතරම් ප්‍රමාණයක් ජනාධිපති හා අගමැතිවරයා හමුවේ මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු වූ එම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම කොකේන් තොගය පරීක්‍ෂා කොට එහි බර කිරා සටහන් කර ගැනීමෙන් අනතුරුව රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියැදි පරීක්‍ෂාවක් කිරීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත ජලයට දමා දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරිණි.
එම ක්‍රියාවලිය සිදු කරන අතරතුරදී ධ්ව්ඉඡ්ඡ් ඡ්ජධජරජතඥ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නන්දන ඒකනායක මහතා විසින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය හා ක්‍රමවේදය පැහැදිලිව කිරීම සිදු කරන ලදී.

දකුණු ආසියාවෙන් හමුවූ විශාලතම කොකේන් තොගය ධ්ව්ඉඡ්ඡ් සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන ධ්ව්ඉඡ්ඡ් ඡ්ජධජරජතඥ ආයතනයේ හා අන්තරායකර ඔෟෂධ පාලක මණ්ඩලයේ මැදිහත්වීම මත මෙරටදී විනාශ කළ ප්‍රථම කොකේන් තොගය වීම විශේෂත්වයකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්‍ෂ කමල් සිල්වා මහතාගේ ඔත්තුකරුවන් මාර්ගයෙන් ලද රහසිගත තොරතුරු මත 2016 දෙසැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ ජැටියේදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
ර්ඵජ - ජ්චඡඪධතච නෞකාවෙන් අංක ර්ඥඤභ 1021886 දරන කන්ටේනරයක් තුළ තේක්ක දැව අතර ඉතා සූක්‍ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගැනිණි.

මෙම නෞකාව ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා මෙරටට පැමිණ ඉන්දියාවේ මුන්රා වරාය වෙත යෑමට නියමිතව තිබියදී මෙම වැටලීම සිදුවිය.
මුන්රා වරායෙන් මෙම කොකේන් තොගය දකුණු ආසියානු රටවලට බෙදීමට සැලසුම් කර තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුකළ මෙම සුවිශේෂ වැටලීමත් සමඟ මෙම සිද්ධිය ජාත්‍යන්තර පොලිසිවලද විශේෂ අවධානයක් දිනා ගත්තේය.
මෙම කොකේන් තොගය විස මත්ද්‍රව්‍ය, අබිං සහ අන්තරාදායක ඔෟෂධ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝග මත කටුනායකදී දියර කර විනාශ කිරීමෙන් අනතුරුව විශේෂ රථයක දැඩි පොලිස් රැකවල් මැද පුත්තලම පිහිටි ධ්ව්ඉඡ්ඡ් ඡ්ජධජරජතඥ සංස්ථා සිමෙන්ති සමාගම් ආයතනය වෙත රැගෙන යෑමට පියවර ගත්තේය.

ඉන් අනතුරුව සෙල්සියස් අංශක 1800-2000ත් අතර උෂ්ණත්වයක් යටතේ ස්ථාපිත උදුනක් තුළ දියර වුණු මෙම කොකේන් තොගය දහනය කරනු ලැබීය.
ඒ අනුව මෙම දියර වූ කොකේන් තොගය තත්පර 4ක් 6ත් අතර කාලය තුළ විනාශ වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon