ෆේස්බුක් මිතුරා සරසවි සිසුවියගේ ලක්ෂ හතහමාරකට විදලා

  👤  3665 readers have read this article !
By mawbima 2018-01-16

මාතර - උදය කුමාර

කොළඹ සරසවියේ ආයුර්වේද උපාධියක් හදාරන සිසුවියක් රවටා රුපියල් හත්ලක්ෂ හැත්තෑපන්් දහසක් වංචා කිරීම සම්බන්ධව මාතර විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පරිගණකයක් භාවිත කර අන්තර්ජාලය ඔස්සේ සිදුකළ විශාල අපරාධයක් ලෙස මෙය සැලකේ. පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම හරහා මිත්‍ර වී ඇයට විශාල ත්‍යාගයක් හිමි වී ඇති බවත් එය ලබා ගැනීමට යැයි පවසමින් සැකකරුගේ යැයි සැලකෙන ගිණුමකට පැමිණිලිකාරියේ මෙම හත් ලක්ෂ හැත්තෑපන් දහස දමාගෙන ඇත. මෙම ත්‍යාගය ලබා ගැනීමට ර්ථීපඪථජඥ ම්ඥතර ර්ථීධමත යනුවෙන් සම්බන්ධ කර 2018 ජනවාරි තෙවැනි දින දුරකතන ඇමතුමක් ලබාදී ඇත. එම ඇමැතුමෙන් පැවැසූ පරිදි ගිණුම් අංකයක්ද ලබාදී මෙම සිසුවියගේ මුදල් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් මෙම වංචාවට හසුවී කඹුරුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බැරගම මුලටියන පාර මාකඳුර පදිංචි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

සිද්ධිය සම්බන්ධව මූලික විමර්ශන සිදු කිරීමෙන් පසු කඹුරුපිටිය පොලිස් වසම තුළ සිදුවූ බල අපරාධයක් ලෙස ලේඛන ගත කර ඇත. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ඕ.ඒ.යූ. ජයශාන්ත මහතාගේ මූලිකත්වයෙන් මාතර විශේෂ අපරාධ අංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon