රාජ්‍ය ඇමැතිනි ශි්‍රයානි මාරක අනතුරකින් රෝහලේ

  👤  3329 readers have read this article !
By mawbima 2018-01-16

රාජ්‍ය ඇමැතිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන්ගත් මෝටර් රථය ඊයේ (15දා) අලුයම කඩුගන්නාව හේනාවල වංගුව අසලදී අනතුරට ලක්වීමෙන් ඇමැතිවරිය සුළු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇමැතිනිය අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියදී ඊයේ අලුයම 3.30ට පමණ ඇය රැගත් මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් ගසක හැපීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ඇමැතිතුමිය ගමන් ගත් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එම වාහනයේ අමාත්‍යවරියගේ ආරක්ෂක නිලධාරියාද සිටි බව පොලිසිය කියයි. වාහනයට බරපතළ හානි සිදුවුවද මෝටර් රථයේ ගමන්ගත් පිරිසට බරපතළ තුවාල සිදුව නොතිබිණි.

මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ඇමැතිනියගේ නළල් ප්‍රදේශයේ සුළු තුවාලයක් පවතින බව පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මෙම අනතුරින් ඇමැතිවරියගේ අස්ථි බිඳීමක් හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් නැති බවත් දැනට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.

අනතුරෙන් ආරක්ෂක නිලධාරියාට සහ රියැදුරුට තුවාල සිදුව නැත. අනතුර පිළිබඳව කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු අනතුරට හේතුව අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon