ජනපතිවරණය ලබන වසරේ

  👤  4094 readers have read this article !
By mawbima 2018-01-16

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බවට ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කිරීමට අනුව ඊළඟ ජනාධිපතිවරණය ලබන වසරේ (2019) පැවැත්වීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මීළඟ ජනාධිපතිවරණය 2019දී පැවැත් විය යුතු බව 2017 ජූලි 09 වැනිදා 'මව්බිම' පත්‍රය 'ජනපතිවරණය 2019දී' යන සිරස්තලය යටතේ අනාවරණය කළේය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ඡේදයේ 30 (1) වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවයි.

ව්‍යවස්ථාවේ 31 (3) වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉවත්වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත් විය යුත්තේය.

වර්තමාන ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි මස 09 වැනිදාය. ඒ අනුව ඔහුගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 09 වැනිදායි.
තත්ත්වය එසේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ව්‍යවස්ථාවේ දක්වන නියමයන්ට අනුව 2019 නොවැම්බර් 08 සිට දෙසැම්බර් 08 දක්වා අතර කාලයේදී පැවැත්විය යුතුය. එසේ වන්නේ ජනාධිපති ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත්වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාල සීමාවකදී පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වන බැවිනි.

මේ අනුව එළැඹෙන ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ ලබන වසරේ දෙසැම්බර් 09 වැනිදාට පෙරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon