එජාපයේ අපි කොළඹට ණයගැතියි
අපි කොළඹට ණයගැතියි අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. මීට පෙර ආණ්ඩු බලයේ සිටි පිරිස් කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මම අගමැති වූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ. ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති වෙනුවෙන් වසර 03ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා. ඔවුන් කළේ විශාල වශයෙන් මුදල් විනාශ කිරීම පමණයි. ඔවුන් කළ ඉදිකිරීම්වලට අද මුදල් ගෙවන්නට වෙලා තියෙන්නේද අපිට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ පසුගියදා කොළඹ හැව්ලොක් සිටි සම්මන්ත්රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැඟෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු නගර සභාවේ නිල කාලය අවසන් වූ බවත් එම නිසා ආණ්ඩු බලයත් නගර සභාවේ බලයත් යන දෙකම එජාපයට ලබා දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මගේ දේශපාලනය ආරම්භ වූයේ මෙම ස්ථානයෙන් බව මේ ශාලාවට පැමිණීමේදී මතක් වුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට භාර දුන්නා. ඒ කාලයේ මෙම ස්ථානයේ පැවතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. මේ ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපිට මෙහි සංවිධායක කටයුතු සදහා සහයෝගය ලබා දුන්නා.
කොළඹ නගරයේ වගකීම භාර ගැනීමට බටහිර කොළඹින් පුරපතිවරයෙක් පත් කිරීමටයි දැන් අපි බලාපොරොත්තු වන්නේ.
අපේ ආණ්ඩුව යටතේ පසුගිය වසර කිහිපය තුළ අප විශාල වැඩ කොටසක් සිදු කළා. රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරයයි. එමෙන්ම රටේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේද කොළඹ නගරයයි. එම නිසා පසුගිය කාලය තුළ අපි රටේ ආර්ථිකය ස්ථාවර කළා. ආර්ථිකය හැදූ විට කොළඹ හැදෙනවා.
රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයද අතහැර පලා ගියා. අප එම රට භාරගත්තා. අද වන විට කෙසේ හෝ ණය ගෙවන මට්ටමකට රට පත්කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ පව් අපට ගෙවීමට සිදුව තිබෙනවා. අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙනුත් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. ජීඑස්පී ප්ලස් සහනය අප ශ්‍රී ලංකාවට නැවත ලබා දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා අප විශාල සැලසුමක් නිර්මාණය කර තිබෙනවා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපයක් අපි ඇති කරනවා.
රටේ ආර්ථිකය ගොඩනඟන අතරම අප කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10ක් තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා. ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව අප නැවතත් මීතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් අප දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්රදේශයටයි. කාලයක් පුරා ඔවුන්ට විසඳන්න බැරි වූ ප්රශ්නය අප විසඳුවා. අපේ වැඩකටයුතු වචනයට පමණක් සීමා වන්නේ නැහැ. මෙම වැඩකටයුතු සාර්ථකව ඉටුකරන්නේ නැතිනම් අපිට නගරය සංවර්ධනය කළ නොහැකියි. කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවා අද විදුලි බලය අවශ්‍යයි.
ඒ වගේම වේගවත් මාර්ග, ප්‍රවාහන වැඩසටහන් ආරම්භ කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.
උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්රශ්නය කුමක්ද? එනම් මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කෙනෙක්ම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට අපි තදින් ක්‍රියා කරමින් සිටිනවා. නමුත්, මම ඔබට කියන්නේ කුඩුකාරයන් නගර සභාවට පත් කරන්න එපා කියායි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට නගර සභාව, පන්සල, පල්ලිය, කෝවිල ආදිය එකතු කරගනිමින් පාසල්, යොවුන් සමාජ, වෙනත් සංවිධාන එකතු කරගනිමින් පොලිසියත් සම්බන්ධ කරගනිමින් වැඩකටයුතු සිදුකරනවා. එම මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම මම යොවුන් පාර්ලිමේන්තුවට පැවරුවා. ඒ වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති රෝසි සේනානායක මැතිනිය එහි ප්‍රධානත්වය ගැනීම සුදුසු බව මම කල්පනා කරනවා.
එම එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය භාරදෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළට සියලු දෙනාටම මෙම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඔබට හොඳ නගරාධිපතිනියක් ලබා දී තිබෙනවා. ඔබේ රැකියා, නිවාස, ස්වයං රැකියා බලාපොරොත්තු, ගැටලු අපි අපේ පාලකයන්ට විස¼දා දෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනතාවට එකට එක් වී ජීවත් විය හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති අනාගතයක් මධ්‍යම පාන්තික සහ කම්කරු ජනතාවට සෑහීමකට පත් විය හැකි නගරයක් අපි ඇති කරමු.
තවත් වසර 04ක් යන විට මීටත් වඩා දියුණු නගරයක් අපි ඔබට ලබා දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවටත් මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායාරූප - කැලුම් චාමර
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මෙය මාගේ අවසන් කමිටු රැස්වීම විය හැකියි 🕔2018-06-13
- 48 දෙනකුගෙන් සමන්විත කමිටුවක් උතුරු නැඟෙනහිර සංවර්ධනයට 🕔2018-06-13
- අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව භාණ්ඩාගාරයට යා යුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇදගැනීමට චේතනාන්විතවම ක්‍රියා කරලා 🕔2018-06-13
- ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව 🕔2018-06-13
- කටහඬ පිරික්සීම සඳහා විත්තිකරු ශානිල්ට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග 🕔2018-06-13
- 25 ලේලියට ලිංගික අතවර කළේ යැයි රක්ෂිතයේ සිටි 57 හැවිරිදි මාමාට ඇප 🕔2018-06-13
- ගම්මැද්දේගොඩ පියසිරි හිමි ඝාතනය ගැන චෝදනා ලැබූ විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරයි 🕔2018-06-13
- පුත්තලමේ පුංචි යුද්ධයක් 🕔2018-06-13
- වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක් 🕔2018-06-13
- පාතාල මර්දනය වේගවත් කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් 🕔2018-06-13
- ඇමැති උපදෙස් මත ළමා ශ්‍රමිකයන් සොයා වැටලීම් 🕔2018-06-13
- ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවුඩ ගැන පරිස්සමෙන් 🕔2018-06-13
- යාපනයේ යක්ෂ බියක් 🕔2018-06-13
- කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර ගෙන ඒමට තිස්දාහක් අරන් 🕔2018-06-13
- මැතිව්ස් හදිසියේම ගෙදර එයි ! 🕔2018-06-13
- පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාවට 🕔2018-06-13
- පළාත් සංචිත අඩපණ වෙයි 🕔2018-06-13
- ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක් 🕔2018-06-13
- සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ 14න් පහළ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ගල්කිස්සට 🕔2018-06-13
- 17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී වැඩි ගෞරව මහාමායා බාලිකාවන්ට 🕔2018-06-13
- ජනතාවට ද්‍රෝහී වන සියල්ලන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා 🕔2018-06-13
- අපේ ජනතාව ඡන්දය දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි 🕔2018-06-13
- ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමට රනිල්-මෛත්‍රි දවල් හීන දකිනවා 🕔2018-06-13
- රට උකස් කර ගිනි පොලියට ණය අරන් අගමැති රනිල් ලෝක වාර්තාවක් තියලා 🕔2018-06-13
- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අපේ ආර්ථිකයට අහිතකරයි 🕔2018-06-13
- අවුරුදු 67ක් තිස්සේ බැළමෙහෙවර කළ නිවෙසේ දර මඩුවට දමා අපා දුක් විඳිමින් සිටි 75 හැවිරිදි කත බේරාගෙන 🕔2018-06-13
- දස හැවිරිදි පුතු සමඟ අබලන් ගෙයක ජීවත් වන සමුද්‍රා උදවු පතයි 🕔2018-06-13
- මහජනයා නොසිතූ දුෂ්කරතාවන්ට ලක් කරන තැපැල් වර්ජනය 🕔2018-06-13
- මණ්ඩලේ 86 ට 🕔2018-06-13
- රටේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නවා 🕔2018-06-13
- හින්දු කටයුතුවලට මුස්ලිම් ඇමැති කෙනෙක්: ක්‍රිස්තියානි කටයුතුවලට බෞද්ධයෙක් 🕔2018-06-13
- ශිිවාජිලිංගම්ට සංහිඳියාව අරහං 🕔2018-06-13
- ස්වාමිනාදන්ගේ යෝජනාවෙන් කැබිනට් එක ඇවිලෙයි 🕔2018-06-13
- තැපැල් වර්ජනය දිඟටම 🕔2018-06-13
- විශේෂඥ වෛද්‍යවරු දැඩි තීන්දුවක 🕔2018-06-13
- විසඳුම් අපිම සොයා ගන්නම්: යාපනය ජනතාව සේනාධිරාජාව එළවයි 🕔2018-06-13
- පරිපාලන සේවා නිලධාරින්ගේ මල්ල කරේ 🕔2018-06-13
- උඩපළාත ප්‍රා.සභාවේ ගෝරියක් 🕔2018-06-13
- භූමිතෙල් ලීටරය රු. 70ට දීමට කැබිනට් අනුමැතිය 🕔2018-06-13
- ලක්ෂ 50 මංකොල්ලයේ සැකකරුවකු හා වාහනයක් අත්අඩංගුවට 🕔2018-06-13
- මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා 🕔2018-06-13
- සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ 11/2ක් එක්වෙයි 🕔2018-06-13
- ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ-4 🕔2018-06-13
- ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු රැයත් මට සාමාන්‍ය රාත්‍රියක්ම වුණා 🕔2018-06-13
- ලංවිම ඉන්ජිනේරු වැඩවැරුම අත්හිටුවයි 🕔2018-06-13
- සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනාට ඇප 🕔2018-06-13
- උල් ආයුධයකින් ඇන තුවාල කළ රූපවාහිනි නිවේදකයා රිමාන්ඩ් 🕔2018-06-13
- දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වෙයි 🕔2018-06-13
- අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක 🕔2018-06-13
- ගුවන් සේවා සමාගමේ නව උප සභාපති කපිතාන් මිලින්ද රත්නායක 🕔2018-06-13
- හිටපු ජනපති ගුවනින් මත්තලට 🕔2018-06-13
- හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට එරෙහි සාක්කි අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගන්නවා 🕔2018-06-13
- ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රියට රුපියල් කෝටි තිස්දෙකක පොල්ලක් 🕔2018-06-13
- සාධාරණ මිලකට පොහොර අලෙවි කරන්න රජය පොරොන්දු වුණා 🕔2018-06-13
- කටාර් සිට ගෙනා 'ලක්ෂ දාහතේ ගමන් මල්ල' අත්අඩංගුවේ 🕔2018-06-13
- රාජගිරිය ගුවන් පාලමේ අනතුරුදායක තත්ත්වයක් නෑ 🕔2018-06-13
- දෙදෙනකු විශ්‍රාම වැටුප් ක්‍රමය හදාරන්න ඇමෙරිකාවට යවලා 🕔2018-06-13
- ඉන්ජිනේරු පාඨමාලා ආයතනය වසා දැමීමෙන් සිසුන් දහසක් අපහසුවේ 🕔2018-06-13
- සිංහරාජේ සිටින අලි දෙදෙනා ඉවත් කරන්නට සැරසෙනවා 🕔2018-06-13
- මැතිවරණයට ගත් මුදල් ගැන ගැටලු මතුවන්නේ ඇමැතිවරුන් ප්රචාරක වියදම් සීමා කිරීමේ පනත ලාච්චුවේ දාගෙන සිටියදීය 🕔2018-06-13
- හත් වැනි චූදිතයා සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? 🕔2018-06-13
- ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් නොදන්නා අලුත් ව්‍යවස්ථාවක් 🕔2018-06-13
- විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන් ජනතා අධිකරණයට රැගෙන යා යුතුයි 🕔2018-06-13
- අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා 🕔2018-06-13
- රාජපක්ෂ ආණ්ඩුව හා මුස්ලිම් ප්‍රජාව අතර භේද ඇති කළේ දෙස්-විදෙස් බලවේගයි 🕔2018-06-13