තෛපොංගල් උත්සවයට ගොස් එද්දී මෝටර් රථය අනතුරක

  👤  2840 readers have read this article !
By mawbima 2018-01-15

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

වවුනියා කුරුමන්කාඩු ප්‍රදේශයේදී ඊයේ (14දා) අලුයම සිදුවූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බවට වවුනියාව පොලිසිය කියයි. ඊයේ දිනට යෙදී තිබූ තෛපොංගල් සැමරුම් උත්සව අවස්ථාවකට සහභාගි වී මෙම තරුණයන් දෙදෙනා මෝටර් රථයකින් අධික වේගයෙන් පැමිණ ඇති අතර වවුනියාව මන්නාරම් ප්‍රධාන මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී අලුයම 12.30ට පමණ මෝටර් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව පෙරළී ගොස් විදුලි කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් තරුණයා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ (14දා) උදෑසන මියගොස් ඇත. අනතුරින් මියගොස් ඇත්තේ 20 හැවිරිදි රමේෂ් නදීෂාන් හා 21 හැවිරිදි රවින්ද්‍රන් ප්‍රභාත් යන තරුණයන් දෙදෙනායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon