ජනපති ප්‍රධානත්වයෙන් පාකිස්තාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ඇරැඹෙයි

  👤  2834 readers have read this article !
By mawbima 2018-01-15

පහන් විජේසේකර
ඡායා - කැළුම් චාමර

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සමරමින් සහ සබඳතා නව ක්‍ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පැවැති පාකිස්තාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කෙරිණි.
පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ඉඩචඩඥඥඤ ඒඩථඥඤ ඩ්චඵඩථඥඤ මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.
ඉන්ජිනේරු, මෝටර් රථ අමතර කොටස්, කෘෂි උපකරණ, ඇඟලුම් සහ රෙදිපිළි, අත්කම් භාණ්ඩ, විලවුන් සහ ශාකසාර නිෂ්පාදන, ඔෟෂධ, ආහාර, ආභරණ ඇතුළු නිමි භාණ්ඩ අංශ රැසක නිෂ්පාදන මෙහි ප්‍රදර්ශනය කර තිබෙන අතර පාකිස්තානයේ ගාන්ධාරයේ බෞද්ධ උරුමය විදහා දැක්වෙන විශේෂ කුටියක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon