බැඳුම්කර වාර්තාවේ පිටපත් මහ බැංකු අධිපතිවරයාට ලබාදීම ජනතා පරමාධිපත්‍යයට හෙළුෑ අතුල් පහරක්

  👤  2714 readers have read this article !
By mawbima 2018-01-15

හර්ෂනී අර්සකුලත්න

බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යැයි පවසමින් එහි පිටපත් මහ බැංකු අධිපතිවරයාට ලබා දීම ජනතා පරමාධිපත්‍යයටත් විනිවිදභාවයටත් හෙළුෑ අතුල් පහරක් බව ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසයි.
ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වුණු ජනතා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවට එම වාර්තාව පළමුව ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බවත් මහ බැංකු අධිපතිවරයාට වාර්තාවේ පිටපතක් ලබාදීම තවත් ගැටලුවක් බවත් හෙතෙම පැවැසීය.
තමා විශ්වාස කරන්නේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පිටපත් මහ බැංකු අධිපතිවරයාට ලබා දුන්නේ සියල්ලටම ප්‍රථම එම වාර්තාව මහ බැංකු අධිපතිවරයාට අධ්‍යයනය කිරීමට බව යැයිද ඔහු පැවැසුවේය.

විදෙස් රටවල පවා විනිමය වංචාවකදී එවැනි තොරතුරු ප්‍රථමයෙන් යොමු කරන්නේ එරට ප්‍රධාන බැංකුවට නොවන බවද හෙතෙම පැවැසීය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ චෝදනා ලැබූ අගමැතිවරයා සහ මන්ත්‍රිවරු සිටින්නේද පාර්ලිමේන්තුවේ නිසා මෙය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවට බවද ඔහු පැවැසුවේය.
මෙහි වාර්තාවක් මහ බැංකුවට සැපයීම තුළ සැක සංකා මතුවන බවත් ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට ගත් උත්සාහයක් ලෙසත් මේ සිදුවීම අර්ථකථනය කළ හැකි බවද ආචාර්යවරයා කීය.

මේ ප්‍රජාන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත්වලින් බැහැර වී ජනාධිපති ලේකම් කාර්යාලය සිය වෙබ් අඩවියට මේ වාර්තාව නිකුත් කළේ නම් ඇති වුණු විරෝධතා මැඬපවත්වා ගැනීමට තිබුණු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයාට පිටපතක් ලබාදිය හැකි නම් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙහි පිටපත් පාර්ලිමේන්තුවට ලබා දීමේ අපහසුවක් පැවැතීම හාස්‍යයක් බවත් වාර්තාවේ ඡායාපිටපත් ගැනීම එතරම් අසීරු කරුණකැයි සිතිය හැකි දැයි තමා විමසන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon